රන්වන් දිදුලන සමකට නැතුවම බැරි කැරට්...
තරුණියන් සමේ පැහැය පිළිබඳ අතිශය සැලකිලිමත් වන අතර ස්වභාවිකවකවම පැහැය වර්ධනය කර ගැනීමේ හැකියාවක් කැරට් සතුව පවතී. කැරට් තුළ බීටා කැරොටීන්, විටමින් A , විටමින් B, පොටෑසියම් වැනි ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වේ. කැරට් වල කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සංඝටක අඩංගු වන අතර සම පැහැපත් කිරීමට දීප්තිමත් කිරීමට සහ නිරෝගී සමක් ලබා ගැනීමට අවශ්‍ය විටමින් C ද අඩංගු වේ. කැරට් වල අඩංගු පෝෂණ ගුණයෙන් ඔබගේ වයසක පෙනුම මන්දගාමී කරන අතරම හිසකෙස් වර්ධනයටද උපකාරී වේ. එසේම බීටා කැරොටීන් මගින් පාරජම්ම්බුල කිරණ වලින් ඔබේ සමට ඇති විය හැකි හානි වළක්වා සම ආරක්ෂා කරන අතර පොටෑසියම් ඌනතාවය නිසා සමේ ඇතිවන වියළි ගතිය නැති කර සමේ තෙතමනය ආරක්ෂා කිරීමටද සමත් වේ. දිනපතා කැරට් ආහාරයට එක්කර ගැනීම මෙන්ම පානය කිරීම තුලින්ද ඉතාමත් ඉක්මනින් ඔබගේ සම පැහැපත් කර ගැනීම ද හැකියාව ලැබේ. කැරට් භාවිතයෙන් රූපලාවන්‍ය කටයුතු රැසක් සිදු කරන අතර නිවසේදීම සිදු කළ හැකි ක්‍රම කිහිපයකි. කැරට් ඔයිල්.. අවශ්‍ය ද්‍රව්‍ය - ඔලිව් තෙල් සුදු පොල්තෙල් මධ්‍යම ප්‍රමාණයේ කැරට් අලයක් සදා ගන්නා ආකාරය - පළමුව කැරට් අලයේ පොතු ඉවත් කර හොඳින් ස