අයිස් කැට වලින් ලස්සන වෙන මැජික් ගොඩක්...

අපි සමාජය සමග ගනුදෙනු කිරීමේ දී රූපය ඉතා වැදගත් සාධකයක් විදියට  සලකනවා. එම නිසා ලෝකය පුරා කාන්තාවන් සුන්දර වීමට විශාල උනන්දුවක් දක්වන අතර ඒ සඳහා විවිධ ආලේපන මිලදී ගැනීමට විශාල මුදලක් වැය කරනු ලබයි.  අයිස් කියන්නේ මුදල් ගෙවීමකින් තොරව නිවසේදීම ලස්සන වීමට භාවිතා කරන්න  පුලුවන් ද්‍රව්‍යයක්. 


ලෝකයේ බොහෝ රටවල යුවතියන් සුන්දර වීමට අයිස් කැට භාවිතා කරමින්  සිදුකරන සුවිශේෂී  සත්කාරයක් ලෙස අයිස් කියුබ් සත්කාරය හැඳින්විය හැකිය. එසේම මෙය රූපලාවණ්‍ය කටයුතු  වලදී  ඉතාමත් ජනප්‍රිය වගේම ඉතාම සාර්ථක ප්‍රතිඵල දායක නිවසේදීම  පහසුවෙන් කළ හැකි සත්කාරයක්  වන අතර කොරියාව ඇතුළු රටවල මෙය ඉතා ජනප්‍රිය සත්කාරයක් ලෙස දැක්විය හැකිය.  එසේම  රුධිර  ගමනාගමනය ඉක්මන් කර මුහුණට පැහැපත්  පෙනුමක් ලබා දෙන මෙම  සත්කාරය මගින් ලැබිය හැකි ප්‍රයෝජන කිහිපයකි.

  •  සම සිනිදු  තරයි.
  • කුරුලෑ ඉවත් කරයි.
  •  ලප කැළැල් මකා දමයි. 
  • මූණ රැළි වැටීමේ ස්වභාවය අවම කරයි.
  • මුහුනේ සිදුරු වසා දැමයි.
  •  ඇස් වල ඉදිමුම් ස්වභාවය අවම කරයි.

අයිස් කියුබ් සත්කාර  ක්‍රම කිහිපයක්ම තිබෙන අතර මුහුණේ ස්වභාවය අනුව භාවිතා කරන සත්කාරය ක්‍රමය වෙනස් විය හැකියි.  මෙම සෑම ක්‍රමයක් අනුගමනය කිරීමට පෙර ඔබගේ මුහුණ හොඳින් සෝදා ගැනීමට අමතක නොකල යුතු  අතර  රාත්‍රී කාලයේදී සහ උදේ කාලයේදී සිදු මගින්  වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

   සාමාන්‍ය  අයිස් කියුබ් සත්කාරය

පිරිසිදු වතුර  අයිස් බඳුනකට දමා  ඝන වෙන්නට හරින්න හසුව අයිස් කැටයක් ගෙන මුහුණේ වක්‍රාකාරව හොඳින් පිරිමදින්න. ඔබට එය තබා ගැනීමට අපහසු නම් පිරිසිදු රෙදි කෑල්ලක් ගෙන ඊට අයිස් කැට තබා හොඳින් තද කර මුහුණෙහි වක්‍රාකාරව සම්බාහනය කරන්න. විනාඩි  තුනත් හතරත් අතර ප්‍රමාණයක් සම්භානය කිරීමෙන් පසු ඔබගේ මූණ රතු පැහැයෙන් දිස්වනු දැක ගත හැකිය. නමුත් බිය නොවන්න. එසේ වන්නේ ඔබගේ මුහුණට රුධිර ගමනාගමනයට හොඳින් සිදුවන නිසාවෙනි. මෙය දිනපතා කිරීම ඉතාමත් යෝග්‍ය වන අතර මෙම සත්කාරය මගින්  ඔබට ඉක්මනින් පැහැපත් ලස්සන දිදුලන දීප්තිමත් සමක් ලබා ගැනීමට හැකි වේ. 

 හාල්  වතුර අයිස් කියුබ්

දෛනිකව භාවිතා කර ඉවත දමන හාල් වතුර ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත වන අතර සමේ පැහැය වැඩි කර කරගැනීමටත් කුරුලෑ ලප කැළැල් මකා දැමීමට උපකාරී වේ. මෙම සත්කාරය සතියකට කීප වරක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අතර රාත්‍රී කාලයේදී සහ උදේ කාලයේ දී අයිස් කැට තුනක් පමණ භාවිතා කරන්න.

සාදාගන්නා ආකාරය -   ඕනෑම හාල්  වර්ගයක්  තෝරාගන්න එයින්  හාල් කෝප්පයක් පමණ ගෙන  එයට වතුර කෝප්පයක් එක්කර පැය දෙකක් පමණ  පෙඟෙන්නට හරින්න.  පසුව හාල් වතුර පෙරා වෙනම  භාජනයකට දමා ගන්න. පසුව එය අයිස්  කැට දමන බඳුනකට  දමා අයිස්  කැට වනතුරු ශීතකරණයේ තබන්න. අයිස් කැටයක් ගෙන විනාඩි දෙක තුනක්  පමණ  වක්‍රාකාරව මුහුණේ පිරිමැද වේලෙන්නට හරින්න. මිනිත්තු 30 කින් පසුව පිරිසිදු ජලය මුහුණ සෝදා හරින්න.

  තක්කාලි අයිස් කියුබ්

තක්කාලි යනු මුහුණේ තෙල් කර  සම රැලි වැටීම අඩු කරන කිරීමට විශේෂ හැකියාවක් ඇති පලතුරක් වගේම එළවළුවකි.  රූපලාවන්‍ය කටයුතුවලදී ස්ක්‍රබ් කිරීම සඳහා මෙන්ම විවිධ රූපලාවන්‍ය ආලේපන නිර්මාණය කිරීම සඳහා මෙය යොදා ගනී. මෙහි ඇති සුවිශේෂී ගුණය හේතුවෙන් කුරුලෑ අවම කිරීමටත් සමේ පැහැය වැඩි කර ගැනීමටත් හැකියාව ලැබේ. සතියකට  දෙවතාවක් පමණ මෙම  සත්කාරය කිරීමෙන්  සැබෑ වෙනසක් දැකගත හැකිය.

සාදාගන්නා ආකාරය -  පළමුව  තක්කාලි ගෙඩියක් ගෙන එය හොඳින් සෝදා ගන්න. පසුව කැබලි වලට කපා හොදින් බ්ලෙන්ඩර් කරගන්න.  හොඳින් පෙරා  අයිස් කැට දමන බඳුනකට දමා ඝන වෙනතුරු ශීතකරණයේ තබන්න. පසුව අයිස් කැට දෙකක්  ගෙන විනාඩි  කිහිපයක් මුහුණේ පිරිමැද වේලෙන්නට  හැර මුහුණ පිරිසුදු ජලයෙන් සෝදාගන්න.

 නිල්කටරොලු  අයිස්  කියුබ් 

 නිල් කටරොළු  යනු ඖෂධීය ගුණයක් හිමි  යුතු මල් වර්ගයක් වෙන අතර ශරීර අභ්‍යන්තරයට  ඉතාම ගුණදායී වේ. එසේම  කොලජන්  නිෂ්පාදනය කිරීමට සහ සමේ නම්‍යතාව වර්ධනය කිරීමට මෙන්ම පවත්වාගෙන යාමට  යාමට උපකාර වේ.  මෙහි ඇති ගුණ හේතුවෙන්  අඳුරු ලප කැළැල් සහිත මුහුණු සුවකිරීමට සමේ පැහැය වැඩි කිරීම්ට හැකියාව ලැබේ.  

සාදාගන්නා ආකාරය - නිල් කටරොළු මල් කිහිපයක් ගන්න. එය භාජනයකට දමා එයට  නටන උණුවතුර කෝප්පයක් පමණ දමන්න. පසුව  හොඳින් වසා පැය දෙකක් පමණ තබන්න. පසුව නිල් කටරොලු වතුර පෙරා  එය අයිස් කැට  දමන බඳුනකට දමා ඝන වන තුරු  තබා අයිස් කැට කිහිපයක් ගෙන විනාඩි  පහක් පමණ හොඳින් සම්බාහනය කරන්න. 

    කොහොඹ  අයිස් කියුබ්  


 කොහොඹ  යනු  අතීතයේ පටන් විෂබීජ නාශකයක් ලෙස භාවිතා කළ ඉහළ ඖෂධීය වටිනාකමකින් යුතු ශාක පත්‍ර වර්ගයකි. මෙමඟින් කුරුලෑ සුව කිරීමට මෙන්ම සම පිරිසිදු කිරීමට සුවිශේෂ හැකියාවක් ඇත. 

සාදාගන්නා ආකාරය - කොහොඹ  කොළ මිටක් ගෙන ඒ හොඳින් සෝදා බ්ලෙන්ඩර් කරගන්න.   එයට වතුර ස්වල්පයක් ද දමා බ්ලෙන්ඩර් කර ගන්න. පසුව එම මිශ්‍රනයට වතුරට දමා හොඳින් රත් කරන්න. විනාඩි කීපයක් තබා  නිවෙන්නට හැර එම  ද්‍රාවණය  බඳුනකට පෙරා ඉවත් කරගන්න. පසුව  අයිස් කැට දමන බඳුනකට දමා ශීතකරණයේ  තබා ඝන වුණු පසුව  අයිස් කැට දෙකක් පමණ ගෙන හොඳින් මුහුණේ  සම්භානය කර වේලෙන්නට හැර  පිරිසුදු ජලයෙන්  මුහුණ සෝදා හරින්න.

 කෝමාරිකා  අයිස් කියුබ්  


කෝමාරිකා යනු කුරුලෑ සුව කිරීමට මෙන්ම සම නිරෝගී කිරීම්ට හැකි  ඖෂධීය ගුණයකින් යුතු  ශාකයකි.  රූපලාවණ්‍ය ආලේපන සඳහා මෙන්ම සම්භාහන කටයුතු සඳහා බහුලව භාවිතා කරයි මෙහි ඇති ඖෂධීය ගුණ හේතුවෙන් වයස්ගත වීම ප්‍රමාද කරවන අතර  විරෝධී ගුණය සම මත ක්‍රියා කර සම නැවුම්ව රැළි රහිතව  මෙන්ම දීප්තිමත්ව පවා ගැනීමටද උපකාරී වේ. විවිධ ආලේපන නිසා ඇතිවුණු බිලීචින් ආසාදන සුවපත් කිරීමේ විශේෂ හැකියාවක් මෙම  කෝමාරිකා  ශාකයට  ඇති අතර මෙම සත්කාරය  සතියකට කිහිප වතාවක් රාත්‍රී  කාලයේදී  භාවිතා කිරීම මඟින් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.

සාදාගන්නා ආකාරය - පළමුව කෝමාරිකා කැබැල්ලක් ගෙන  කපාගෙන මැද ඇති සුදු මදය වෙන් කර ගන්න.  පසුව හොඳින් සෝදා එයට වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර ගන්න.  ඉන්පසු   අයිස් කැට දමන බඳුනකට දමා ඝන වන තුරු ශීතකරණයේ තබන්න. පසුව අයිස් කැට දෙකක්  පමණ ගෙන මුහුණේ වක්‍රාකාරව පිරිමැද වේලෙන්නට හරින්න. පසුව පිරිසිදු ජල‌යෙන් මුහුණ සෝදා ගන්න. 

ග්‍රීන් ටී අයිස් කියුබ්  



ග්‍රීන් ටී යනු ඉතාම  ගුණදායි  පානයකි. මෙමගින්  සමේ නම්‍යතාව වැඩි දියුණු කර සිදුරු තද කරනවා පමණක් නොව ගැටලුකාරී හා තෙල් සහිත සමට සෞඛ්‍ය පෙනුමක් සම්පන්න පෙනුමක් ලබාදෙයි. මෙම අයිස් කැට කම්මුල් වල සියුම් දූ දීප්තිය ඇති කරන අතර සම සිනිඳු කරයි. මෙම සත්කාරය සතියකට කීප වතාවක් රාත්‍රී  කාලයේදී සිදුකිරීම මගින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.

 සාදාගන්නා ආකාරය - ග්‍රීන් ටී බෑග් තුනක් පමණ ගෙන එය වීදුරුවකට දමා නටන් උණු වතුර කෝප්පයක් දමා ගන්න. පසුව පාට වෙනස් වන තුරු හොඳට නිවෙන්නට හරින්න. ඉන්පසු අයිස් දමන බදුනක් ගෙන එයට දමා ශීතකරණ ඝන වෙන තුරු තබා අයිස් කැට කීපයක් ගෙන විනාඩි තුනක් පමණ වක්‍රාකාරව මුහුණ සම්බාහනය කර සෝදා පිරිසුදු ජලය මුහුණ සෝදාගන්න.     

                                   මෙම  සත්කාර ක්‍රම කිහිපයම  අත්හදා බලා  ඔබට ගැලපෙන  සත්කාර ක්‍රමය  තෝරා ගෙන එය දිනපතාම හෝ සතිපතා ම සිදු  කර වෙනස වටහා ගන්න. ඔබට ඉතාමත් දිදුලන පැහැපත් ලප කැලැල් නැති මුහුණක් ලබා ගත හැකියි.  මීට අමතරව රෝස වතුර කැරට් බීට්රූට් අලිගැටපේර වැනි ‍දෑ ද භාවිතාකර අයිස් කියුබ් සාදා ගැනීමෙන් මෙම සත්කාරය සිදුකර කළ හැකිය.

Comments

Post a Comment

Popular posts from this blog

කෝපි වලින් ලස්සන වෙන රහස්....

නිවසේදීම පාද ලස්සන කරගමු...

නිරෝගී කෙස්කලඹකට කරපිංචා සත්කාර....