නිවසේදීම පාද ලස්සන කරගමු...



කාන්තාවකගේ සුන්දරත්වය වගේම පිරිසිදුකම මනින සාධකයක් ලෙස ඇගේ දෙපා හැඳින්විය හැකියි. බොහෝ තරුණියන් තමන්ගේ මුහුණට කරන සත්කාර පාදවලට කිරීමට උත්සහ නොකරන අතර  එම නිසා  දෙපා පැළීම්, වියලි වීම්, අවපැහැගැන්වීම් බහුලව දැකිය ගැටලුවක් බවට පත්වී ඇත.  බොහෝවිට මේ සඳහා රූපලාවන්‍යාගාර වෙත යාමට බොහෝ දෙනෙක් ප්‍රිය කළ ද ඒ සඳහා විශාල මුදලක් වැය වේ. නමුත් කාර්‍ය බහුල ජීවිතයක් ගත කරන අප ගෙදරදීම පහසුවෙන් පාද පිරිසුදු ගැනීමට සිදු කළ හැකි ක්‍රම කිහිපයක්ම ඇත.
  
පාද පිරිසිදු කර ගැනීම.

අවශ්‍ය ද්‍රව්‍ය - මඳ රස්නෙ වතුර බේසමක්
                    ලුණු   
                    රෝස් ලුණු 
                    කොහොඹ ඉති කීපයක් 
                    දෙහි හෝ ලෙමන්  
                    කැමති බොඩි වොෂ් වර්ගයක් 
                    පාද පිරිසුදු කරන බ්‍රෂ් එකක්
                    නිය කටර් එකක් තුවායක්
  • පළමුව ඔබගේ පාදවල නිය ආලේපන ඇත්නම් පුලුන් කැබැල්ලක් යොදා ගෙන ඒවා ඉවත් කරගන්න.
  • දෙවනුව එයට මද රස්නෙ උණු වතුර එකතු කරගන්න. පසුව එයට කොහොඹ කොළ  දමන්න. 
  • තෙවනුව ලුණු මේස හැදි  දෙකක් එකට එකතු  කරගන්න.
  • පසුව රෝස ලුණු මේස හැන්දක් පමණ එකතු කර කරගන්න. 
  • මීළඟට බොඩි වොෂ් මේස හැන්දක් පමණ එක් කර පෙන එන තුරු හොඳින් මිශ්‍ර කරගන්න.
  • දෙහි ගෙඩි කිහිපයක් කපා එහි දෙහි යුෂ සහ ලෙලි ජලයට දමන්න.
  •  පසුව ඔබගේ පාද බේසම තුළට දමා විනාඩි විස්සක් පමණ සිටින්න.
  • දැන් දෙහි ලෙලි භාවිතයෙන් හොඳින් ඔබේ පාද සහ ඇඟිලි පිරිසිදු කර ගන්න. 
  • ඉන්පසු පාද තවදුරටත් පිරිසිදු කර ගැනීම සඳහා  බොඩි වොෂ් ස්වල්පයක් දමා පාද පිරිසුදු කරන බ්‍රෂ් එකක් මගින්  පාද සහ ඇඟිලි මෙන්ම යටි පතුල ද හොඳින් මැදගන්න.
  •  එසේම නියපොතු සහ ඇඟිලි කරු අතර පාදයේ උඩ කොටසත් හොඳින් මැදගන්න. 
  • නැවත වරක් යටිපතුල සහ විලුඹ හොඳින් බ්‍රශ් කරගන්න.  මෙමගින් පාදවල මැරුණු සෛල සහිත සම ඉවත් කරනු ලබයි. 
  • පසුව  නැවතත් පාද ජලය තුළ දමා හොදින් සෝදා ගන්න.
  • දැන් ඔබගේ පාද හොඳින් පෙඟී ඇති නිසා නියපොතු පහසුවෙන් කපා ගැනීමට හැකි වන බැවින් එකම ගානට නියපොතු කපා ගන්න. 
  • නැවතත් දෙහි පෙත්තක් ගෙන නියපොතු හොඳින් මැද ගන්න. 
  • දැන් ඔබගේ පාද වඩාත් හොඳින් පිරිසිදු වී ඇති අතර මුල් අවස්ථාවේ දී තිබූ අඳුරු පැහැය ඉවත් වී දීප්තිමත් බවක් ලැබී ඇති බව දැකගත හැකි වේ. 

ස්ක්‍රබ් එක සාදා ගැනීම.


අවශ්‍ය ද්‍රව්‍ය -  කෝපි කුඩු  
 
                     සීනි    

                     ඔලිව් තෙල් හෝ පොල්තෙල්  

  •  භාජනයක් ගෙන එයට කෝපි කුඩු මේස හැඳි එකක් පමණ එකතු කර ගන්න.
  •  පසුව සීනි මේස හැඳි දෙකක් සහ ඔලිව් තෙල් මේස හැන්දක් එකතු කරන්න පසුව කලවම් කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න. ඔලිව් තෙල් නැතිනම් පොල්තෙල් වුවද භාවිතා කළ හැකිය.
  • දැන් මෙම මිශ්‍රණය හොඳින් ඔබගේ පාද වල  හොඳින් සම්භානය කරනමින්  ආලේප කර ගන්න.  ඔබේ පාදවල  අඳුරු පැල්ලම් තිබෙන  ස්ථානවල වැඩිපුර අලේප කරන්න .  මෙම  පියවර තුළදී  කෝපි සහ ඔලිව් තෙල් වල තිබෙන විශේෂ ගුණ හේතුවෙන් ඔබේ  සමේ තිබෙන අඳුරු ගතිය ඉවත් වන අතර සමේ මැරුණු සෛල ඉවත් කර සමට පෝෂණයක් ලබා දෙයි.
  •  දැන්  විනාඩි දහයක් පමණ තබා පිරිසිදු  ජලයෙන් සෝදාගන්න.  
  • දැන් ඔබගේ පාද ඉතාම දීප්තිමත් ව තිබෙන ආකාරය දෙැක ගැනීමට හැකි වේ පාදවල තරමක් තේ සහිත ගතියක් තිබුණ ද එය එසේම තිබෙන්නට හරින්න පෙරට වඩා වෙනසක් ඔබට දැක ගැනීමට හැකියාව ලැබේ.
පැක් එකක් යෙදීම.


අවශ්‍ය ද්‍රව්‍ය - කඩල පිටි  

                    වියළි කහ හෝ කස්තුරි කහ

මෙම පියවර තුළින් ඔබේ මේ තෙතමනය ආරක්ෂා කර පාද වලට අඳුරු බවින් තොර දීප්තිමත් බවක් මෙන්ම  පාද වලට  හොඳ පෝෂණයක් ලබාදේ . කහ මගින් ස්වාභාවිකවම සම පිරිසිදු කරන අතරම කඩල පිටි ස්වභාවික වර්ණ කාරකයක් වේ.   

  • භාජනයක් ගෙන එයට කඩල පිටි මේස හැඳි දෙකක් සහ කස්තුරි කහ හෝ සාමාන්‍ය හා මේස හැන්දක් දමන්න .පසුව හොඳින් තුර ස්වල්පයක් දමා  තරමක්  හොඳින් මිශ්‍ර කර ගනිමින් තරමක් දිය ආකාරයෙන් ආකාරයෙන් මිශ්‍රණය සාදා ගන්න.
  •  පසුව බ්‍රෂ් එකක් මගින් හෝ අතින්  ඝන ආකාරයට පාද වල හොඳින් ආලේප කරගන්න.
  •  දැන් විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර පිරිසිදු වතුරෙන් සෝදාහරින්න. පසුව තුවායක් ගෙන පාද හොඳින් තෙත මාත්තු කරන්න කර බොඩි ක්‍රීම් කෝමාරිකා ජෙල් ස්වල්පයක් ගෙන හොඳින් සම්බභාහනය කරගන්න. 
මෙම සත්කාරය සතියකට දෙවතාවක් සිදු කිරීම මඟින් ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි අතර පාද වලට ලස්සන පැහැයක් සහිත වියළි බවින් තොරව ලස්සන පැහැයක් ලැබෙනු ඇත. එසේම පහසුවෙන් නිවෙසේදීම මෙම සත්කාරය සිදු කිරීමට හැකි වන බැවින් අඩු විය වියදමකින් ලස්සන සුදු පාද දෙකක්  හිමිකර ගැනීමට ඔබට හැකිවේ.   

පාද සුදු කරන මැජික් වතුර

අවශ්‍ය ද්‍රව්‍ය -  කොහොඹ කොළ

                      කහ 

                     වෙනිවැල් ගැට 

                     දෙහි                      

  •   රත් කළ හැකි පිරිසිදු භාජනයක් ගෙන එයට කොහොඹ කොළ දමා  කහ මේස හැන්දක් දමාගන්න. පසුව දෙහි ගෙඩි‍යක් ගෙන එය පෙති වශයෙන් කපාගෙන එක් කරගන්න. පසුව වෙනිවැල්ගැට කැබලි තුනක් පමණ එයට එක්කර වතුර  කෝප්පයක් පමණ දමා හොඳින් රත්කර ගන්න. විනාඩි දහයක්  පමණ හොඳින් රත් කරගත ගත් පසු තවත් භාජනයක් ගෙන එයට වතුර ස්වල්පයක් හා සාදාගත් මිශ්‍රණය එම භාජනයට දමා ඔබගේ දෙපා විනාඩි විස්සක් පමණ එහි බහා තබන්න. 

ඉහත ක්‍රමය  අත්හදා බැලීම්ට පෙර මෙම ක්‍රමයද කීප වරක් සිදු කිරීම මගින් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීමට හැකිවන අතර පාද වියළි බවින් තොරව පිරිසිදු සහ නිරෝගී පැහැපත් පාදය යුගලක් හිමිකර ගැනීමට හැකි වේ. 

Comments

Post a Comment

Popular posts from this blog

කෝපි වලින් ලස්සන වෙන රහස්....

නිරෝගී කෙස්කලඹකට කරපිංචා සත්කාර....