Posts

Showing posts from July, 2023

ඉක්මනින් සුදු වෙන සත්කාර ක්‍රම නවයක්....

Image
  කාන්තාවන් බොහෝ විට සම සුදු කර ගැනීමට විවිධ ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග භාවිතා කරනු ලබයි. නමුත් ඒවායින් ලැබෙන්නේ කෘතිම සමට ලැබෙන්නේ කෘතිම පාටක් වන අතර එහි වෙනස හොඳින් හඳුනා ගැනීමට හැකිවේ. එසේම එම නිෂ්පාදන භාවිතා කිරීම තුළින් සම පිළිස්සීම , කුරුලෑ හට ගැනීම්, බ්ලීචින් තුවාල, අතුරු ආබාධ ආදී  අයහපත් ප්‍රතිඵල රැසක් බහුලව දැකගත හැකිවේ.  පහසුවෙන් සොයාගත් හැකි ස්වභාවික අමුද්‍රව්‍ය  ස්වභාවික  බ්ලීචින් කාරක විවිධාකාරයෙන් භාවිතා කළ හැකියි. ඒවා සමට අහිතකර නොවන අතර ස්වභාවිකවම සම පැහැපත්කර ගැනීමට හැකියාව ලැබේ.  දැන් අපි එවැනි සත්කාර කිහිපයක් බලමු. කඩල පිටි සත්කාරය අවශ්‍ය ද්‍රව්‍ය -   කඩල පිටි  මී පැණි  යෝගට්  කස්තුරි කහ / වියළි කහ දෙහි සාදාගන්නා ආකාරය -   පිරිසිදු භාජනයක් ගෙන් එයට යෝගට් මීපැණි දෙකක් දමන්න. පසුව පුරවාගත් කඩල පිටි මේස හැඳි එකක් එකතු කරන්න කස්තුරි කහ හෝ වියළි කහ තේ හැඳි බභාගයක් සහ මී පැණි මේස හැන්දක් පමණ එකතු කරන්න. පසුව දෙහි මේස හැඳි එකක් පමණ එක්තු කර හොඳින් මිශ්‍ර කරගන්න. සාදාගත් එවිටම මෙය භාවිතා කිරීම ඉතාම සුදුසු වන අතර බ්ලීචීන් ආසාදන තත්වයන් ඇති ස්ථාන, කලු ලප සහ සුදු ලප ආදි තැන්වල ව

බීට් රූට් වලින් ලස්සන වෙමු..

Image
  සම පැහැපත් කර ගැනීම සඳහා ආහාරයට ගත හැකි ඉතාමත්ම ගුණදායී එළවළුවක් ලෙස බීට් රූට් හැදින්විය හැකිය.  එනම් එහි අඩංගු විටමින් සී ,විටමින් ඒ කැරට්නොයිඩ  සම පෝෂණය කර පැහැපත් කිරීම සිදු කරනු ලැබේ.  එසේම විටමින් B1,B 2,B3,යකඩ, කොපර්,පොස්පරස්,පොටෑසියම්,මේදය,ශක්තිය,තන්තු, මේ ආදී වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ බීට්රූට් වල අඩංගු වීම නිසා ශරීරයට හිතකර බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභද අත්කර ගත හැකිය.  බීට් ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙයි, අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි, පිළිකා වළක්වාලීමට උදව් කරයි, මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකරය, ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයට උදව් වේ.  වර්තමානය වන විට බොහෝ රූපලාවණ්‍ය‍ය කටයුතු සඳහා යොදා ගන්නා අතර කාන්තාවන් ලස්සන වීමට රහස් ඖෂධයක් ලෙස මෙය භාවිතා කරයි. බීට් රූට් ෆේෂල් පැක් අවශ්‍ය ද්‍රව්‍ය -   බීට් රූට් අලයක්   කඩල පිටි  තක්කාලි   ඕනෑම හාල් වර්ගයක බත් සාදාගන්නා ආකාරය -  හොඳින් පිරිසුදු කර ගත් බීට් අලයක් ගෙන එයින්  භාගයක්  හීනියට ග්‍රේට් කර ගන්න. පසුව බ්ලෙන්ඩර්  කප් එකක් ගෙන එයට හොඳින් උයා ගත් බත් කෝප්ප එකක්  හා ග්‍රේට් කරගත් බීට් ටික දමා එයට කඩල පිටි මේස හැඳි දෙකක් දමන්න.