නිරෝගී කෙස්කලඹකට කරපිංචා සත්කාර....

      

පංච කල්‍යාණයෙන් එක අංගයක් ලෙස නිරෝගී පිරිපුන් දිගු කෙස් කළඹ දැක්විය හැකිය. කාන්තාවන් බොහෝ දෙනෙක් කොන්ඩය දිගට වැවීම සඳහා  ප්‍රිය කරන අතර පුරුෂ ආකර්ෂණය දිනාගැනීමට ද එය හේතු වේ. සුන්දර කෙස් කළඹක් පවත්වා ගැනීමට නම් ඒ සඳහා හොඳ නඩත්තුවක් ලබාදීම අවශ්‍ය වන අතර බොහෝ විට හිසකෙස් අලංකරණය කිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතය, කිරණට නිරාවරණය වීම, විවිධ තෙල් වර්ග භාවිත කිරීම, වර්ණක යෙදීම නිසා මෙන්ම උණුවතුර ස්නානය කිරීම, තදින් පිසදැමීම යන හේතු නිසා හිස්කෙස් වලට පහසුවෙන් හානි වීම සිදුවේ. මෙම තත්ත්වය වළක්වා ගෙන නිරෝගී පිරිපුන් ශක්තිමත් දිගු කෙස් කලඹක් ලබා ගැනීම් සඳහා ගෙදරදීම ඔබට පහසුවෙන්ම සොයාගත හැකි කරපිංචා භාවිතා කළ හැකිය .

  •  කරපිංචා යනු ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට වඩාත් දායකවන ශාකයකි. කෙස් ගස් new නිර්මාණය වී ඇති කෙරටින් ප්‍රෝටීන සංස්ලේෂණය කිරීමට අවශ්‍ය වන ඇමයිනෝ අම්ල කොණ්ඩය ශක්තිමත්ව පවත්වා ගැනීමට වැදගත්වන බීටා කැරොටීන්, හිසකෙස් වල ආරක්ෂාවට අත්‍යවශ්‍ය වන විටමින් බී වැනි ප්‍රතිඔක්සිකාරක වර්ග කරපිංචා වල අඩංගු වේ. කරපිංචා වල අඩංගු වන මෙම ගුණ හේතුවෙන් ඔබගේ හිසකෙස් සදහා ඇති බොහෝ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබේ.

1. කොණ්ඩය වර්ධනය කර කරගැනීමට සත්කාරයක්

කරපිංචා කොළ විස්සක් ප්‍රමාණයක් සහ උළුහාල් මේස හැන්දක් ගෙන එයට නෙල්ලි ගෙඩියක මාංසල කොටසදමා තලපයක් ලෙස එන තුරු හොඳින් කොටා ගන්න.පසුව හිස්කබල පුරාම තුනීවට ආලේප කර මිනිත්තු තිහකක් පමණ තබා පිරිසිදු වතුරෙන් පමණක් සෝදන්න. මෙම සත්කාරය සතියකට දෙවරක් කිරීම් මගින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

2. හිස් කෙස් වැටිම පාලනය කර ගැනිමට සත්කාරයක්


මැටි භාජනයක් ගෙන එයට පිරිසිදු පොල්තෙල් මේස හැදි තුනක් පමණ එකරගන්න. පසුව එයට කරපිංචා කොළ පහළොවක් පමණ දමා මද උණුසුම් යටතේ සෙමින් රත් වෙන්නට හරින්න. කරපිංචා කොළ කළු පාරට හැරී ගෙන එන විට රත් කිරීම් නවතා පැය දෙකක් පමණ නිවෙන්නට හරින්න. පසුව  නිදා ගැනීමට පෙර හිස් කබලෙහි හොඳින් සම්බාහනය කරනන. පසුදා උදෑසනට මෘදු ෂැම්පු වර්ගයක් යොදා ගෙන සෝදා හරින්න. මෙයද සතියට  දෙවතාවක් සිදු කිරීම වඩා සුදුසු වේ.

3.  හිසකෙස් ශක්තිමත් කර ගැනීමට සත්කාරයක්

නැවුම් ලෙස කඩා ගත් වද මල් වල පෙති කෝප්ප භාගයක් පමණ පිරෙන්නට ගෙන  කරපිංචා කොළ අහුරුක්  පමණ දමා වතුර ටිකක් එක්කර හොඳින් කොටා ගෙන දියාරු බවින් අඩු මිශ්‍රණයක් ලෙස සාදා ගන්න. ඉන්පසු කොණ්ඩය හොඳින් සෝදා කෙස් වල අග සිට මුලට හොඳින් ආලේප කරන්න. විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර වතුරෙන් පමණක් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට වරක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වන අතර ඉක්මනට ප්‍රතිඵල දැක ගැනීමට හැකියාව ලැබේ.

4.  හිසකෙස් සුදුවීම වළක්වා ගැනීමට සත්කාරයක්

කරපිංචා කොළ මිටක් පමණ වතුරට දමා ඒ විනාඩි හතළිස් පහක් පමණ හොඳින් තම්බා ගන්න. පසුව මඳ උණුසුම් යටතේ මුලින් දාගත් වතුර   ප්‍රමාණයෙන් තුනෙන් එකකට පමණ අඩු වී  තද කොළ පැහැයක් ගන්නා තුරු තැම්බෙන්නට හරින්න. පසුව කුඩු කරගත් උළුහාල් මේස හැන්දක් ඊට එකතු කර ලිපෙන් බා නිවෙන්නට හරින්න. ඉන්පසු  මිශ්‍රණය ඔබගේ කොණ්ඩය පුරාම හොඳින් ආලේප කරන්න.  

5. හිස්සොරි වලට සත්කාරයක්


කරපිංචා කොළ අහුරක් ගෙන රාත්‍රි කාලයේදී උණුවතුර කෝප්පයකට තමා උදේ වනතුරු සෙමින් පෙඟෙන්නට ඉඩහරින්න. පසුව පෙගුණු කරපිංචා කොළ ටිකට යෝගට් මේස හැඳි එකක් පමණ දමා මිශ්‍රණයක් ලැබෙන තුරු හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව හිස්කබල පුරාම මේ මිශ්‍රණය ඝන තට්ටුවක් ලෙස ආලේප කර ගන්න. විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර කොන්ඩය හොඳින් සෝදා ගන්න. සතියකට වරක් හෝ දෙවරක් සිදු කිරීම් මඟින් හිස්සොරි ගැටලු විසඳා ගැනීමට හැකිවේ. 

6. හිසකෙස් වලට සිදුවන හානි ප්‍රකෘතිමත් කරන සත්කාරයක්

පළමුව රත් කළ හැකි භාජනයක් ගෙන එයට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් පමණ ගෙන රත් වෙන්නට තබා එයට කරපිංචා කොළ කිහිපයක් දමන්න.  පසුව බැදෙන්නට පටන් ගැනීමත් සමඟ උණුසුම ඉවත් වූ පසු ස්වභාවිකව නිවෙන්නට ඉඩ හරින්න. දැන් කරපිංචා සහිත ඔලිව් තෙල් පෙරා ගන්න. රාත්‍රී නින්දට යන්න පෙර හිසකෙස් වල ආලේප කර හිස් කබල හොඳින් සම්බාහනය කරන්න. පසුදා උදේට උදෑසනට කොණ්ඩේ සෝදා දමන්න. දින තුනකට වරක් මෙය සිදු කිරීමෙන් ඔබට හිසකෙස් වලට හානි සිදු වීම් ඉක්මනින් වළක්වා ගැනීමට හැකියාව ලැබෙයි. 

7. කොන්ඩය තුනී වීම වලක්වා ගැනීමට සත්කාරයක්

පොල් තෙල් මේස හැන්දක් පමණ ගෙන රත්වෙන්නට තබා ඊට කරපිංචා කොළ කිහිපයක් සහ හිතාම සිහින්ව කපා ගත් ලුනු මේස හැන්දක් පමණ දමන්න පසුව බැඳෙන්නෙ නැතිව ඉතාම සෙමින්  රත් වෙන්නට ඉඩ හරින්න. ලූණු ටික කළු පාටට හැරෙන්න ගැනීමත් සමග රත් කිරිම නවතා ස්වභාවිකව නිවෙන්නට ඉඩහරින්න. පසුව තෙල් පෙරාගෙන ඔබේ හිසකෙස් වල හොඳින් ආලේප කරන්න. නිතර මම සත්කාරයේ සිදු කිරීම මඟින් ඔබේ කොණ්ඩය පවතින තුනී බව ඉවත් වී යයි.

8. කොණ්ඩය ගැට ගැසෙන ගතිය අඩුකර ගැනීමට සත්කාරයක්

කරපිංචා කොළ අහුරු කිහිපයක් වතුර ලීටර් 1 ක පමණ ප්‍රමාණයකට දමාගන්න. පසුව භාජනය වසා හොඳින් තම්බා ගන්න. ලා කොළ පාට වන තුරු තම්බා ගැනීමෙන් පසු එය ස්වභාවිකව නිවෙන්නට ඉඩහරින්න. පසුව එම වතුර ටික පෙරා ගෙන හොඳින් ස්නානය කරන්න. ස්නානය අවසන් කර කරපිංචා කොළ තැම්බූ වතුරෙන් හිස හොඳින් සෝදා ගන්න. නැවත ස්ථානය කිරීමට අවශ්‍ය වන්නේ නැත. මෙම සත්කාරය සතියකට දින දෙවතාවක් සිදු කරන්නේ නම් කෙස් ගැට ගැසීම ඉතා ඉක්මනින් නතර වී යනු ඇත.

9.  හිසකෙස් සතියෙන් වර්ධනය කිරීමට සත්කාරයක්


කරපිංචා තෙල්

පළමුව භාජනයකලීටර් එක හා පොල් තෙල් මිලිලීටර් 200ක් පමණ දමා ලිපෙන් තියාගන්න. මදක් රත් වන විට කරපිංචා ඉති හතරක පමණ කොළ ගෙන එයට දමා කොළ කළු පැහැවන තුරු හොඳින් රත් කර ගන්න.  පසුව විනාඩි දහයක් පමණ මද ගින්නේ තබා ලිපෙන් ඉවත් කර  ස්වභාවිකව නිමෙන්නට  ඉඩ හැර තෙල් පමණක්  බෝතලයකට පෙරා ගන්න. මෙම තෙල් සතියට හතර වතාවක් පමණ ආලේප කරන්න. හිස් කෙස් අඩු තැන්වල  වැඩිපුර ආලේප කර පසුව හොඳින් හිසකෙස් අග හිස් කබලේ මෙන්ම මුළු කොණ්ඩයම විනාඩි පහක් පමණ හොඳින් සම්භාහනය කරමින් ආලේප කරගන්න. පැයක කාලයක් ඉක්ම ගිය පසු ෂැම්පු කර හොඳින් කොණ්ඩය සෝදාගන්න.  

කරපිංචා තේ

භාජනයක් ගෙන එයට වතුර කෝප්ප දෙකක් පමණ දමන්න. පසුව සෝදා ගත් කරපිංචා ඉති හතරක කොළ දමා විනාඩි දහයක් පමණ මදගින්නේ හොඳින් තම්බා ගන්න. පසුව නිවෙන්නට හැර කෝප්පයකට පෙරාගෙන දෙහි බිංදු දෙකක් පමණ දමා පානය කරන්න. මෙම පානයේ සතියට දවස් තුනක් පමණ සිදු කරන්න. 

හෙයා මාස්ක් එකක්

බ්ලෙන්ඩර් කප් එකක් ගෙන එයට කරපිංචා ඉති හතරක පමණ කොළ දමා ගන්න පසුව යෝගට් කෝප්පයක් පමණ දමා බිත්තරයක් ද එකතු කරගන්න. දැන් හොඳින් බ්ලෙන්ඩර් කර ගැනීමෙන් පසුව ඔබගේ කොණ්ඩයේ හොඳින් ආලේප කර කොණ්ඩය හොඳින් බැඳගන්න. පසුව පැයක් පමණ තබා හොඳින් සෝදා හරින්න. 

  • මෙම සත්කාරය දින හතක් ඇතුලත නිවැරදි ආකාරයෙන් සිදු කිරීමෙන් කොන්ඩය ඉක්මනින් වවා ගැනීමට හැකියාව ලැබේ.

  

Comments

Post a Comment

Popular posts from this blog

කෝපි වලින් ලස්සන වෙන රහස්....

නිවසේදීම පාද ලස්සන කරගමු...