තරුණියන් සමේ පැහැය පිළිබඳ අතිශය සැලකිලිමත් වන අතර ස්වභාවිකවකවම පැහැය වර්ධනය කර ගැනීමේ හැකියාවක් කැරට් සතුව පවතී. කැරට් තුළ බීටා කැරොටීන්, විටමින් A , විටමින් B, පොටෑසියම් වැනි ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වේ. කැරට් වල කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සංඝටක අඩංගු වන අතර සම පැහැපත් කිරීමට දීප්තිමත් කිරීමට සහ නිරෝගී සමක් ලබා ගැනීමට අවශ්‍ය විටමින් C ද අඩංගු වේ. කැරට් වල අඩංගු පෝෂණ ගුණයෙන් ඔබගේ වයසක පෙනුම මන්දගාමී කරන අතරම හිසකෙස් වර්ධනයටද උපකාරී වේ. එසේම බීටා කැරොටීන් මගින් පාරජම්ම්බුල කිරණ වලින් ඔබේ සමට ඇති විය හැකි හානි වළක්වා සම ආරක්ෂා කරන අතර පොටෑසියම් ඌනතාවය නිසා සමේ ඇතිවන වියළි ගතිය නැති කර සමේ තෙතමනය ආරක්ෂා කිරීමටද සමත් වේ. දිනපතා කැරට් ආහාරයට එක්කර ගැනීම මෙන්ම පානය කිරීම තුලින්ද ඉතාමත් ඉක්මනින් ඔබගේ සම පැහැපත් කර ගැනීම ද හැකියාව ලැබේ. කැරට් භාවිතයෙන් රූපලාවන්‍ය කටයුතු රැසක් සිදු කරන අතර නිවසේදීම සිදු කළ හැකි ක්‍රම කිහිපයකි.
කැරට් ඔයිල්..
අවශ්‍ය ද්‍රව්‍ය -
- ඔලිව් තෙල්
- සුදු පොල්තෙල්
- මධ්‍යම ප්‍රමාණයේ කැරට් අලයක්
සදා ගන්නා ආකාරය - පළමුව කැරට් අලයේ පොතු ඉවත් කර හොඳින් සෝදා ගන්න. පසුව හීනියට ග්‍රේට් කරගන්න. පසුව ඇල්මිනියම් භාජනයක් ගෙන එයට ග්‍රේට් කරගත් කැරට් එකතු කර කැරට් ප්‍රමාණයෙන් භාගයක් වැහෙන සේ ඔලිව් තෙල් එකතු කර ගන්න. ඉතුරු භාගය සුදු පොල් තෙල් දමා කැරට් ටික හොඳින් තෙල් වලින් වැහෙන සේ සාදා ගන්න. ඉන්පසු රත් කළ හැකි භාජනයක් ගෙන එයට වතුර දමා කැරට් දමා සකස් කළ භාජනය එය තුලට දමන්න . පසුව හැන්දක් ගෙන හොඳින් කලවම් කරන්න. විනාඩි දහයක් පමණ ගිය පසු භාජනය අඩක් වසා විනාඩි පහක් පමණ තබන්න නැතිනම් පීඩනය වැඩි වීමෙන් භාජනය පිපිරීමට හැකිය. මෙලෙස විනාඩි විස්සක් පමණ මද ගින්නේ තබා ඩබල් බොයිල් කරගන්න. ඒ අතරම විනාඩි පහෙන් පහට හොඳින් හැඳි ගාන්න. ලස්සන කහ පාටට හැරී එනවිට ලිප නිවා භාජනය එලියට ගන්න'. පසුව මදක් නිවෙන්නට තබා තෙල් පමණක් ඉතිරි වන සේ බෝතලයකට පෙරාගන්න.
සතියට දවස් දෙකක් හෝ දිනපතාම මුළු ශරීරයම ආලේප කර භාවිතා කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙම කැරට් තෙල් මගින් මුහුණ සේම මුළු ශරීරයම පැහැපත් කර ගැනීමට හැකියාව ලැබේ. අව්වට පිච්චී අවපැහැ ගැන්වූ ඔබේ සම තිබුනටත් වඩා හොදින් ස්වභාවිකවම ලස්සනට පැහැපත් කර ගැනීමට මෙන්ම කුරුලෑ ලප කැලැල් සේම තුවාල වූ ලප කැලැල් ද සුව කිරීමට හැකිය. එසේම කැරට් වල අඩංගු බීටා කැරොටීන් මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය කරන පෝෂණ සංඝටක ලබා දෙන අතරම මුලු ඇඟම එකම කහ පැයක් බවට පත් කර ගැනීමට උපකාර කරයි. එසේම සම පිච්චීමෙන් ඇතිවන කැලැල්, සම රැලි වැටීම්, සම වියලීම, දණහිස් වැලමිට ආශ්‍රිතව සිදුවන කළු වීම් හා අවපැහැ ගැන්වීම් මෙන්ම ඇඟිලි පුරුක් කළු වීම් ආදී ගැටලු රැසකින් මිදීමට මෙම කැරට් ඔයිල් ඉතාම සුදුසු වේ.
කැරට් පානය
අවශ්‍ය ද්‍රව්‍ය -
- කැරට් අල දෙකක්
- දෙහි හෝ ලෙමන්
- සීනි
- ලුණු
සදා ගන්නා ආකාරය - හොඳින් සෝදා ගත් කැරට් අල ගෙන පොතු ඉවත් කිරීමෙන් පසු හොඳින් ග්‍රේට් කරගන්න. පසුව බ්ලෙන්ඩර් කප් එකකට දමා එයට වතුර කෝප්පයක් පමණ එක් කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු කැරට් යුෂ ටික වීදුරුවකට පෙරා දෙහි යුෂ මේස හැන්දක් හා ලුණු ස්වල්පයක් දමන්න. පසුව ඔබට අවශ්‍ය ප්‍රමාණයට සීනි දමා පානය කරන්න.
මෙම පානය දිනපතා ම පානය කරන්නේ නම් ඉක්මනින් ඔබගේ සම පැහැපත් වන අතරම ඉතා ඉක්මනින් සමේ පැහැය වෙනස් වන බව දැක ගැනීමට හැකියාව ලැබේ. නැතිනම් සතියට දවස් හතරක් පමණ පානය කරන්න.
කැරට් පැක් එක
අවශ්‍ය ද්‍රව්‍ය -
- මධ්‍යම ප්‍රමාණයේ කැරට් අලයක්
- කඩල පිටි
- රෝස වතුර
- මී පැණි
සදා ගන්නා ආකාරය - හොඳින් පිරිසුදු කර ගත් කැරට් අලයක් ගෙන පොතු ඉවත් කර ගැනීමෙන් පසුව බ්ලෙන්ඩර් කප් එකට දමා වතුර නොදමා බ්ලෙන්ඩර් කර ගන්න. පසුව පිරිසිදු භාජනයකටයක් ගෙන එයට බ්ලෙන්ඩර් කර ගත් කැරට් මේස හැදි දෙකක් දමන්න. පසුව එයට කඩල පිටි මේස හැදි දෙකක් සහ මී පැණි තේ හැඳි එකක් පමණ එකතු කරගන්න. ඉන්පසු කස්තුරි කහ තේ හැඳි භාගයක් සහ රෝස වතුර මේස හැදි තුනක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. රෝස වතුර නැතිනම් සාමාන්‍ය ජලය පාවිච්චි කරන්න. පසුව සාදාගත් මිශ්‍රණය හොඳින් ඔබගේ මුහුණේ සහ බෙල්ලේ අවට ආලේප කර සම්බාහනය කරන්න. පසුව පැය භාගයක් පමණ කාලයක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න.
මෙම සත්කාරසතියට දවස් දෙකක් පමණ සිදු කිරීම ප්‍රමාණවත් වන අතර ඔබගේ සමේ පැහැය ඉක්මනට වෙනස් වන බව දැක ගැනීමට හැකියාව ලැබෙයි.
කැරට් ටෝනර්
අවශ්‍ය ද්‍රව්‍ය -
- මධ්‍යම ප්‍රමාණයේ කැරට් අලයක්
- දෙහි
- ස්ප්‍රේ බොතලයක්
සදා ගන්නා ආකාරය - පොතු හැරීමෙන් හොඳින් සිදු කර ගත් කැරට් අලයක් ගෙන හොදින් සෝදා ගෙන කුඩා කැබලි වලට කපාගන්න. පසුව බ්ලෙන්ඩර් කප් එකකට දමා රෝස වතුර මේස හැඳි හතරක පමණ ප්‍රමාණයක් එක් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පසුව පෙරණයක් ආධාරයෙන් වෙනත් භාජනයකට යුෂ ටික පමණක් පෙරා ගන්න. පසුව එයට දෙහි බෑවකින් භාගයක ප්‍රමාණයක් දෙහි යුෂ එක් කර හැන්දක් භාවිතයෙන් හොඳින් කලවම් කරගන්න. පසුව ස්ප්‍රේ බෝතලයක් ගෙන එයට දමා ගන්න. මෙය නිරතුරුව ශීතකරණයේ තබන්න අවශ්‍ය විට පමණක් භාවිතා කරන්න. මෙම කැරට් ටෝනර් එක සතියක පමණ කාලයක් භාවිතා කළ හැකි අතර අවශ්‍ය වූ විට නැවත සාදා ගන්න. හොඳින් මුහුණ පිරිසිදු කිරීමෙන් පසු උදේට සහ රාත්‍රියට මුහුණට හා බෙල්ල ප්‍රදේශයට තුන් වතාවක් පමණ ස්ප්‍රේ කර පසුව වියලෙන්නට හරින්න.
මෙහි අඩංගු රෝස වතුර මගින් ඔබේ සම පැහැපත් ක් කිරීමට සිදුකරන අතර දෙහි මගින් සමේ ඇති මැරුණු සෛල ඉවත් කරන අතරම විෂබීජ නාශකයක් ලෙස සම පිරිසුදු කරනු ලබයි එසේම කැරට් මගින් ඔබගේ මුහුණට වර්ණවත් පෙනුමක් ලබාදෙන අතරම කුරුලෑ ලප කැලැල් මැකීමට උපකාරී වේ.
කැරට් ෆේෂල් මාස්ක් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය -
- මධ්‍යම ප්‍රමාණයේ කැරට් අලයක්
- කිරි හෝ යෝගට්
- මී පැණි
- ඔලිව් තෙල්
සදා ගන්නා ආකාරය - පළමුව කැරට් අලය හොඳින් පිරිසුදු කර ග්‍රේට් කරගන්න. පසුව එයට කිරි හෝ යෝගට් මේස හැන්දක් එකතු කර මී පැණි මේස හැඳි එකක් එකතු කර ගන්න. පසුව ඔලිව් තෙල් බින්දු තුනක් හෝ හතරක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. සාදාගත් මේ මිශ්‍රණය ඔබේ බෙල්ලේ සහ මුහුණේ හොඳින් ආලේප කර විනාඩි විස්සක් හෝ විසි පහක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හරින්න.
මෙම සත්කාරය සතියකට දෙවතාවක් පමණ සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අතර එමගින් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා වී දිදුලන පැහැපත් සමක් ලබා දෙයි.
- ඉහත සඳහන් කළ සත්කාර සියල්ල සිදු කිරීම මඟින් කැරට් භාවිතයෙන් ලස්සන දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
ගොඩක් වටින ලිපියක්
ReplyDelete❤❤❤❤❤
ReplyDeleteබොහොම ප්‍රයෝජනවත් වැඩක් ❤️🥰
ReplyDelete💜💜💜💜
ReplyDeleteGood
ReplyDeleteVery important
ReplyDelete