Posts

ඉක්මනින් සුදු වෙන සත්කාර ක්‍රම නවයක්....

Image
  කාන්තාවන් බොහෝ විට සම සුදු කර ගැනීමට විවිධ ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග භාවිතා කරනු ලබයි. නමුත් ඒවායින් ලැබෙන්නේ කෘතිම සමට ලැබෙන්නේ කෘතිම පාටක් වන අතර එහි වෙනස හොඳින් හඳුනා ගැනීමට හැකිවේ. එසේම එම නිෂ්පාදන භාවිතා කිරීම තුළින් සම පිළිස්සීම , කුරුලෑ හට ගැනීම්, බ්ලීචින් තුවාල, අතුරු ආබාධ ආදී  අයහපත් ප්‍රතිඵල රැසක් බහුලව දැකගත හැකිවේ.  පහසුවෙන් සොයාගත් හැකි ස්වභාවික අමුද්‍රව්‍ය  ස්වභාවික  බ්ලීචින් කාරක විවිධාකාරයෙන් භාවිතා කළ හැකියි. ඒවා සමට අහිතකර නොවන අතර ස්වභාවිකවම සම පැහැපත්කර ගැනීමට හැකියාව ලැබේ.  දැන් අපි එවැනි සත්කාර කිහිපයක් බලමු. කඩල පිටි සත්කාරය අවශ්‍ය ද්‍රව්‍ය -   කඩල පිටි  මී පැණි  යෝගට්  කස්තුරි කහ / වියළි කහ දෙහි සාදාගන්නා ආකාරය -   පිරිසිදු භාජනයක් ගෙන් එයට යෝගට් මීපැණි දෙකක් දමන්න. පසුව පුරවාගත් කඩල පිටි මේස හැඳි එකක් එකතු කරන්න කස්තුරි කහ හෝ වියළි කහ තේ හැඳි බභාගයක් සහ මී පැණි මේස හැන්දක් පමණ එකතු කරන්න. පසුව දෙහි මේස හැඳි එකක් පමණ එක්තු කර හොඳින් මිශ්‍ර කරගන්න. සාදාගත් එවිටම මෙය භාවිතා කිරීම ඉතාම සුදුසු වන අතර බ්ලීචීන් ආසාදන තත්වයන් ඇති ස්ථාන, කලු ලප සහ සුදු ලප ආදි තැන්වල ව

බීට් රූට් වලින් ලස්සන වෙමු..

Image
  සම පැහැපත් කර ගැනීම සඳහා ආහාරයට ගත හැකි ඉතාමත්ම ගුණදායී එළවළුවක් ලෙස බීට් රූට් හැදින්විය හැකිය.  එනම් එහි අඩංගු විටමින් සී ,විටමින් ඒ කැරට්නොයිඩ  සම පෝෂණය කර පැහැපත් කිරීම සිදු කරනු ලැබේ.  එසේම විටමින් B1,B 2,B3,යකඩ, කොපර්,පොස්පරස්,පොටෑසියම්,මේදය,ශක්තිය,තන්තු, මේ ආදී වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ බීට්රූට් වල අඩංගු වීම නිසා ශරීරයට හිතකර බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභද අත්කර ගත හැකිය.  බීට් ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙයි, අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි, පිළිකා වළක්වාලීමට උදව් කරයි, මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකරය, ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයට උදව් වේ.  වර්තමානය වන විට බොහෝ රූපලාවණ්‍ය‍ය කටයුතු සඳහා යොදා ගන්නා අතර කාන්තාවන් ලස්සන වීමට රහස් ඖෂධයක් ලෙස මෙය භාවිතා කරයි. බීට් රූට් ෆේෂල් පැක් අවශ්‍ය ද්‍රව්‍ය -   බීට් රූට් අලයක්   කඩල පිටි  තක්කාලි   ඕනෑම හාල් වර්ගයක බත් සාදාගන්නා ආකාරය -  හොඳින් පිරිසුදු කර ගත් බීට් අලයක් ගෙන එයින්  භාගයක්  හීනියට ග්‍රේට් කර ගන්න. පසුව බ්ලෙන්ඩර්  කප් එකක් ගෙන එයට හොඳින් උයා ගත් බත් කෝප්ප එකක්  හා ග්‍රේට් කරගත් බීට් ටික දමා එයට කඩල පිටි මේස හැඳි දෙකක් දමන්න.

රන්වන් දිදුලන සමකට නැතුවම බැරි කැරට්...

Image
තරුණියන් සමේ පැහැය පිළිබඳ අතිශය සැලකිලිමත් වන අතර ස්වභාවිකවකවම පැහැය වර්ධනය කර ගැනීමේ හැකියාවක් කැරට් සතුව පවතී. කැරට් තුළ බීටා කැරොටීන්,  විටමින් A , විටමින්  B, පොටෑසියම් වැනි ප්‍රතිඔක්සිකාරක  බහුලව අඩංගු වේ. කැරට් වල කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සංඝටක අඩංගු වන අතර සම පැහැපත් කිරීමට දීප්තිමත් කිරීමට සහ නිරෝගී සමක් ලබා ගැනීමට අවශ්‍ය විටමින් C ද අඩංගු වේ. කැරට් වල අඩංගු පෝෂණ ගුණයෙන් ඔබගේ වයසක පෙනුම මන්දගාමී කරන අතරම හිසකෙස් වර්ධනයටද උපකාරී වේ. එසේම බීටා කැරොටීන් මගින් පාරජම්ම්බුල කිරණ වලින් ඔබේ සමට ඇති විය හැකි හානි වළක්වා සම ආරක්ෂා කරන අතර පොටෑසියම් ඌනතාවය නිසා සමේ ඇතිවන වියළි ගතිය නැති කර සමේ  තෙතමනය ආරක්ෂා කිරීමටද සමත් වේ. දිනපතා කැරට් ආහාරයට එක්කර ගැනීම මෙන්ම පානය කිරීම තුලින්ද ඉතාමත් ඉක්මනින් ඔබගේ සම පැහැපත් කර ගැනීම ද හැකියාව ලැබේ.  කැරට් භාවිතයෙන්  රූපලාවන්‍ය කටයුතු රැසක් සිදු කරන අතර නිවසේදීම සිදු කළ හැකි ක්‍රම කිහිපයකි.     කැරට් ඔයිල්..    අවශ්‍ය ද්‍රව්‍ය -   ඔලිව් තෙල්   සුදු පොල්තෙල්  මධ්‍යම ප්‍රමාණයේ කැරට් අලයක් සදා ගන්නා ආකාරය -  පළමුව කැරට් අලයේ පොතු ඉවත් කර හොඳින් ස

කෝමාරිකා වලින් කුරුලෑ නැති පැහැපත් මුහුණක් ඔබටත්...

Image
  කාන්තාවන් ලස්සන කරන්නත් නිරෝගී කරන්නත්  සුවිශේෂී කාර්යභාරයක්  ඉටු කරන ඖෂධ ගුණයෙන් යුක්ත ශාකයක් ලෙස කෝමාරිකා හැඳින්විය හැකියි. පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාරය විසින් කෝමාරිකා අමරණීයත්වයේ ශාකය ලෙස නම් කර ඇති අතර  මෙහි  විටමින් වර්ග දොළහක්, ඛනිජ වර්ග විස්සක් සහ ඇමයිනෝ අම්ල වර්ග දහඅටක්  පමණ අඩංගු වේ. කොමරිකා ශාකයට කාන්තාවන්ගේ මුහුණේ  බ්ලීචින් ආසාදන ඇත්නම් ඒවා ඉක්මනින් සුව කිරීමටත් සමේ වියළි ගතිය නැති කර පැහැපත් කිරීමටත් හැකියාව ලැබේ.  නිවසේදීම පහසුවෙන් සොයාගත් හැකි කෝමාරිකා ශාකය තුළ  ඇති විටමින් සී හා ඊ  මෙන්ම බීටා කැරොටීන් සමේ තෙතමනය ආරක්ෂා කර ස්වභාවික එන්සයිම නිපදවීම මෙන්ම සම වියපත් වීම පාලනය කර නම්‍යශීලී ගුණය වැඩි කිරීම සිදුකරයි. කුරුලෑ සහ ලප කැලැල්  සුවපත් කිරීමට විශේෂ ගුණයක් කෝමාරිකා සතුවේ. සමේ නිරෝගී බව රැක ගැනීම සඳහා කෝමාරිකා සත්කාරයක් ලෙස භාවිත කළ හැකි ක්‍රම කිහිපයකි. පළවන ක්‍රමය    අවශ්‍ය ද්‍රව්‍ය -   කඩල පිටි   කෝමාරිකා  රෝස වතුර  භාජනයක් ගෙන කඩල පිටි මේස හැදි දෙකක් එක් කර කෝමාරිකා මද මේස හැඳි දෙකක් එකතු කරන්න. පසුව ආලේප කිරීමට හැකිවන ආකාරයට රෝස වතුර දමා හොඳින් මිශ්‍ර කරගන්න. පසුව එම

නිරෝගී කෙස්කලඹකට කරපිංචා සත්කාර....

Image
       පංච කල්‍යාණයෙන් එක අංගයක් ලෙස නිරෝගී පිරිපුන් දිගු කෙස් කළඹ දැක්විය හැකිය. කාන්තාවන් බොහෝ දෙනෙක් කොන්ඩය දිගට වැවීම සඳහා  ප්‍රිය කරන අතර පුරුෂ ආකර්ෂණය දිනාගැනීමට ද එය හේතු වේ. සුන්දර කෙස් කළඹක් පවත්වා ගැනීමට නම් ඒ සඳහා හොඳ නඩත්තුවක් ලබාදීම අවශ්‍ය වන අතර බොහෝ විට හිසකෙස් අලංකරණය කිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතය, කිරණට නිරාවරණය වීම, විවිධ තෙල් වර්ග භාවිත කිරීම, වර්ණක යෙදීම නිසා මෙන්ම උණුවතුර ස්නානය කිරීම, තදින් පිසදැමීම යන හේතු නිසා හිස්කෙස් වලට පහසුවෙන් හානි වීම සිදුවේ. මෙම තත්ත්වය වළක්වා ගෙන නිරෝගී පිරිපුන් ශක්තිමත් දිගු කෙස් කලඹක් ලබා ගැනීම් සඳහා ගෙදරදීම ඔබට පහසුවෙන්ම සොයාගත හැකි කරපිංචා භාවිතා කළ හැකිය .   කරපිංචා යනු ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට වඩාත් දායකවන ශාකයකි. කෙස් ගස් new නිර්මාණය වී ඇති කෙරටින් ප්‍රෝටීන සංස්ලේෂණය කිරීමට අවශ්‍ය වන ඇමයිනෝ අම්ල කොණ්ඩය ශක්තිමත්ව පවත්වා ගැනීමට වැදගත්වන බීටා කැරොටීන්, හිසකෙස් වල ආරක්ෂාවට අත්‍යවශ්‍ය වන විටමින් බී වැනි ප්‍රතිඔක්සිකාරක වර්ග කරපිංචා වල අඩංගු වේ. කරපිංචා වල අඩංගු වන මෙම ගුණ හේතුවෙන් ඔබගේ හිසකෙස් සදහා ඇති

නිවසේදීම පාද ලස්සන කරගමු...

Image
කාන්තාවකගේ සුන්දරත්වය වගේම පිරිසිදුකම මනින සාධකයක් ලෙස ඇගේ දෙපා හැඳින්විය හැකියි. බොහෝ තරුණියන් තමන්ගේ මුහුණට කරන සත්කාර පාදවලට කිරීමට උත්සහ නොකරන අතර  එම නිසා  දෙපා පැළීම්, වියලි වීම්, අවපැහැගැන්වීම් බහුලව දැකිය ගැටලුවක් බවට පත්වී ඇත.  බොහෝවිට මේ සඳහා රූපලාවන්‍යාගාර වෙත යාමට බොහෝ දෙනෙක් ප්‍රිය කළ ද ඒ සඳහා විශාල මුදලක් වැය වේ. නමුත් කාර්‍ය බහුල ජීවිතයක් ගත කරන අප ගෙදරදීම පහසුවෙන් පාද පිරිසුදු ගැනීමට සිදු කළ හැකි ක්‍රම කිහිපයක්ම ඇත.    පාද පිරිසිදු කර ගැනීම. අවශ්‍ය ද්‍රව්‍ය - මඳ රස්නෙ වතුර බේසමක්                     ලුණු                        රෝස් ලුණු                      කොහොඹ ඉති කීපයක්                      දෙහි හෝ ලෙමන්                       කැමති බොඩි වොෂ් වර්ගයක්                      පාද පිරිසුදු කරන බ්‍රෂ් එකක්                     නිය කටර් එකක් තුවායක් පළමුව ඔබගේ පාදවල නිය ආලේපන ඇත්නම් පුලුන් කැබැල්ලක් යොදා ගෙන ඒවා ඉවත් කරගන්න. දෙවනුව එයට මද රස්නෙ උණු වතුර එකතු කරගන්න. පසුව එයට කොහොඹ කොළ  දමන්න.  තෙවනුව ලුණු මේස හැදි  දෙකක් එකට එකතු  කරගන්න. පසුව රෝස ලුණු මේස හැන්දක් පමණ එකතු කර

අයිස් කැට වලින් ලස්සන වෙන මැජික් ගොඩක්...

Image
අපි සමාජය සමග ගනුදෙනු කිරීමේ දී රූපය ඉතා වැදගත් සාධකයක් විදියට  සලකනවා. එම නිසා ලෝකය පුරා කාන්තාවන් සුන්දර වීමට විශාල උනන්දුවක් දක්වන අතර ඒ සඳහා විවිධ ආලේපන මිලදී ගැනීමට විශාල මුදලක් වැය කරනු ලබයි.  අයිස් කියන්නේ මුදල් ගෙවීමකින් තොරව නිවසේදීම ලස්සන වීමට භාවිතා කරන්න  පුලුවන් ද්‍රව්‍යයක්.  ලෝකයේ බොහෝ රටවල යුවතියන් සුන්දර වීමට අයිස් කැට භාවිතා කරමින්  සිදුකරන සුවිශේෂී  සත්කාරයක් ලෙස අයිස් කියුබ් සත්කාරය හැඳින්විය හැකිය. එසේම මෙය රූපලාවණ්‍ය කටයුතු  වලදී  ඉතාමත් ජනප්‍රිය වගේම ඉතාම සාර්ථක ප්‍රතිඵල දායක නිවසේදීම  පහසුවෙන් කළ හැකි සත්කාරයක්  වන අතර කොරියාව ඇතුළු රටවල මෙය ඉතා ජනප්‍රිය සත්කාරයක් ලෙස දැක්විය හැකිය.  එසේම  රුධිර  ගමනාගමනය ඉක්මන් කර මුහුණට පැහැපත්  පෙනුමක් ලබා දෙන මෙම  සත්කාරය මගින් ලැබිය හැකි ප්‍රයෝජන කිහිපයකි.  සම සිනිදු  තරයි. කුරුලෑ ඉවත් කරයි.  ලප කැළැල් මකා දමයි.  මූණ රැළි වැටීමේ ස්වභාවය අවම කරයි. මුහුනේ සිදුරු වසා දැමයි.  ඇස් වල ඉදිමුම් ස්වභාවය අවම කරයි. අයිස් කියුබ් සත්කාර  ක්‍රම කිහිපයක්ම තිබෙන අතර මුහුණේ ස්වභාවය අනුව භාවිතා කරන සත්කාරය ක්‍රමය වෙනස් විය හැකියි.  මෙම සෑම ක්