කෝපි වලින් ලස්සන වෙන රහස්....


ලෝකයේ ඉතාම ජනප්‍රිය ඒව වගේම ඉතාම රසවත් පානයක් ලෙස කෝපි හඳුන්වන්න පුළුවන්.මෙය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දී බහුලව භාවිතා වන දෙයක් වන අතර එහි අඩංගු කැෆේන් නම් ඇල්කලොයිඩ සංඝටක රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා  බහුලව භාවිතා කෙරේ. කැෆේන් මගින් සම උත්තේජනය  කිරීම සම ප්‍රාණවත් කිරීම සම පිරිසිදු කිරීම ආදී බොහෝ සමට හිතකර සෞඛ්‍ය ප්‍රතිඵල ලබා දෙන අතර කෝපි මගින් මුහුණෙහි ඇතිවන ලප කැළැල් සහ අඳුරු ස්වභාවයට නැති කිරිම මෙන්ම සම දීප්තිමත් කරමින් සුන්දරත්වය ඔප නංවා ගැනීමටත් පෙනුම ආකර්ෂණය කරගැනීමටත් හැකියාව ලැබේ.  කෝපි වලින් ලස්සන වෙන්න පුළුවන් නිවසේදීම පහසුවෙන් ම සිදු කළ හැකි සත්කාර ක්‍රම කිහිපයක් ගැන දැන් අපි බලමු.

  • මුහුණට මාස්ක් එකක්

මෙම සත්කාරය මුහුනට සණට සහ බෙල්ල ප්‍රදේශයට භාවිතා කළ හැකි අතර සමේ මැරුණු සෛල හොඳින් ඉවත් කරමින් සමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනය ක්‍රියාවලිය උත්තේජනය කරයි. මෙමගින්  සමේ රැලි වැටීම් වියළි බව සහ වයසට යාමේ සලකුණු අඩුකිරීමට මෙන්ම සමට ස්වභාවික තෙතමනයක් සහ දිලිසීමක් ලබා ගැනීමට හැකිවේ. 

අවශ්‍ය ද්‍රව්‍ය  -  කෝපි කුඩු ග්‍රෑම් 150 

                      දුඹුරු සීනි ග්‍රෑම් 200 

                      ඔලිව් තෙල් මේස හැඳි 3

                      මී පැණි මේස හැඳි 2

සාදන  ක්‍රමය  -   සියලු අමුද්‍රව්‍ය බඳුනකට දමා ඝනකම් නොවන මිශ්‍රණයක් සාදා ගන්න. මිශ්‍රණය සැහැල්ලු හා පහසුවෙන් තැවරෙන ලෙස තිබිය යුතු අතර මුහුණේ සහ බෙල්ලේ ස්ථරයක් ලෙස  ආලේප කර ගන්න. පසුව සම මෘදුව සම්බාහනය කරන්න බියර් එනතුරු වියළෙන තුරු  තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් මුහුණ සොදාගන්න. මිශ්‍රනය වසා තැබිය හැකි බදුනකට දමා ශීතකරණයේ තබා සතියකට එක්වරක් බැගින් භාවිතා කරන්න.

  •  තොල් වලට ස්ක්‍රබ් සත්කාරයක්

 මෙහිදී තොල් වල වියලි සම ඉවත් කර නිරෝගී පෙනුමක් ලබාදෙයි.

 අවශ්‍ය ද්‍රව්‍ය -  කෝපි කුඩු මේස හැඳි 1 

                      ඔලිව් තෙල් මේස හැඳි 2 

සාදන ක්‍රමය -  සියල්ල බඳුනකට දමා හොදින් මිශ්‍ර කර ගන්න. තොල් මත ස්ක්‍රබ් එක් ගලවා ඇඟිලි තුඩුවලින් කවාකාරව සම්බාහනය කරන්න. පසුව වතුරෙන් සෝදා ඉවත් කර තෙතමනය ලබා දෙන ලිප් බාම් එකක් ගල්වන්න. මෙම සත්කාරය සතියකට වාර තුනක් පමණක් සිදු කරන්න.

  • හිස්කෙස් වලට සත්කාරයක් 

මෙම සත්කාරය හිස් කබලේ නිරෝගී බව සඳහා මෙන්ම රුධිර සංසරණ ක්‍රියාවලිය උත්තේජනය කිරීම, මැරුණු සෛල ඉවත් කිරීම, හිසකෙස් හැලීම වැළැක්වීම, හිසකෙස් ශක්තිමත් කිරීම, ස්වභාවික පැහැය වඩකෙස් කළඹට ප්‍රසන්න සුවඳක් එක් කිරීම ආදී ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

 අවශ්‍යද ද්‍රව්‍ය - සාමාන්‍ය ෂැම්පු 

                       කෝපි කුඩු මේස හැඳි 5ක් 

                       වතුර කෝප්ප 1   

සාදන ආකාරය ක්‍රමය -  වතුර මදක් රත් කරගෙන සිසිල් වීමට තබා කෝපි කුඩු මිශ්‍ර කරගන්න. පුනීලයකින් මිශ්‍රණය ෂැම්පු බෝතලයට පෙරාගන්න. පසුව මූඩිය වසා හොඳින් සොලවන්න. පැය දෙකක් පමණ තිබෙන්නට හැර භාවිතයට ගන්න. මෙහිදී සාමාන්‍ය පරිදි හිස මත ෂැම්පු ගල්වා කවාකාරව සම්බාහනය කරන්න. පසුව මිනිත්තු 5ක් පමණ තිබෙන්නේට හැර හොඳින් සෝදා ඉවත් කර ගන්න. මෙය සතියකට 2 - 3 වරක් පමණක් භාවිතා කරන්න.

  •  ඇස් යට කලු වීම වලක්වන සත්කාරයක්

කොපි මගින් සෝපි මගින් සමේ කොලජන් නිෂ්පාදනය වැඩි කරවන අතර අර්තාපල් වල අඩංගු විටමින් B 6 සහ විටමින් D පදාර්ථ පෝෂණය සමට වඩාත් ගුණදායක වන අතර සමට නැවුම් පෙනුමක් ඇති කරයි. 

අවශ්‍ය ද්‍රව්‍ය -  සීනි නොමැති සාන්ද්‍රිත කෝපි කෝප්ප 1/ 4

                     අර්තාපල් පෙති 2

 සාදන ක්‍රමය -  අල පෙති දෙක සීතල කෝපි වල මිනිත්තු දෙකක් පමණ පෙඟෙන්නට හැර ඉවත්කර කරගන්න. ඇස් මත ඒවා තබා මිනිත්තු 20 පමණ ගතවන තුරු සිටින්න. පසුව එය  ඉවත්කර මුහුණ හොඳින් සෝදා ගන්න. නිතරම මෙම සත්කාරය කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

  • මුළු ඇඟම සුදු කරන සත්කාරයක් 

 මෙම සත්කාරය මගින් ශරීරයට ලස්සන පැහැයක් මෙන් ම දීප්තිමත් බවක් ළඟා කර දෙන අතර ශරීරයේ වියළි බව නැති කරයි.   එසේම මෙය මුහුණට ද භාවිතා කළ හැකියි . මෙම සත්කාරය පියවර දෙකකින් සමන්විත වේ.

 1.ස්ක්‍රබ් එක සකස් කර ගැනීම. 

අවශ්‍ය ද්‍රව්‍ය - කෝපි මේස හැඳි 2  

                     සීනි මේස හැඳි 2 

                    දෙහි යුශ  මේස  හැඳි 1

සාදාගන්නා ක්‍රමය - සියල්ල හොඳින් මිශ්‍රකරකර ගන්න.  පසුව හොඳින් සම මත ගල්වා අත් මෘදුව තබා සම්බාහනය කරන්න. මෙසේ මිනිත්තු 4ක් පමණ සම්භාහනය කර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

2 .පැක් එක සකස් කර ගැනීම

 අවශ්‍ය ද්‍රව්‍ය -   යෝගට් මේස හැඳි 2

                       කහ මේස හැඳි 1  (කස්තුරි කහ නම් වඩාත් හොඳයි) 

සාදාගන්නා ක්‍රමය -  යෝගට් සහ කහ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න පසුව  ඔබේ සමෙහි ආලේප කර මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හැර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. 

මෙම  සත්කාරය එක් වරක් සිදු කළ වුවද හොඳ ප්‍රතිඵල ලබාගත හැකි  අතර වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට වරක් පමණ සිදු කරන්න.




Comments

  1. Very value post❤️thank u share this😍

    ReplyDelete
  2. Well, intersting blog 😍❤️

    ReplyDelete
  3. ගොඩක් වැදගත් ..මමත් කරල බැලුවා

    ReplyDelete
  4. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිවසේදීම පාද ලස්සන කරගමු...

නිරෝගී කෙස්කලඹකට කරපිංචා සත්කාර....