කෝමාරිකා වලින් කුරුලෑ නැති පැහැපත් මුහුණක් ඔබටත්...

 


කාන්තාවන් ලස්සන කරන්නත් නිරෝගී කරන්නත්  සුවිශේෂී කාර්යභාරයක්  ඉටු කරන ඖෂධ ගුණයෙන් යුක්ත ශාකයක් ලෙස කෝමාරිකා හැඳින්විය හැකියි. පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාරය විසින් කෝමාරිකා අමරණීයත්වයේ ශාකය ලෙස නම් කර ඇති අතර  මෙහි  විටමින් වර්ග දොළහක්, ඛනිජ වර්ග විස්සක් සහ ඇමයිනෝ අම්ල වර්ග දහඅටක්  පමණ අඩංගු වේ. කොමරිකා ශාකයට කාන්තාවන්ගේ මුහුණේ  බ්ලීචින් ආසාදන ඇත්නම් ඒවා ඉක්මනින් සුව කිරීමටත් සමේ වියළි ගතිය නැති කර පැහැපත් කිරීමටත් හැකියාව ලැබේ. 

නිවසේදීම පහසුවෙන් සොයාගත් හැකි කෝමාරිකා ශාකය තුළ  ඇති විටමින් සී හා ඊ  මෙන්ම බීටා කැරොටීන් සමේ තෙතමනය ආරක්ෂා කර ස්වභාවික එන්සයිම නිපදවීම මෙන්ම සම වියපත් වීම පාලනය කර නම්‍යශීලී ගුණය වැඩි කිරීම සිදුකරයි. කුරුලෑ සහ ලප කැලැල්  සුවපත් කිරීමට විශේෂ ගුණයක් කෝමාරිකා සතුවේ. සමේ නිරෝගී බව රැක ගැනීම සඳහා කෝමාරිකා සත්කාරයක් ලෙස භාවිත කළ හැකි ක්‍රම කිහිපයකි.

පළවන ක්‍රමය 

 අවශ්‍ය ද්‍රව්‍ය - 

  •  කඩල පිටි  
  • කෝමාරිකා 
  • රෝස වතුර 

භාජනයක් ගෙන කඩල පිටි මේස හැදි දෙකක් එක් කර කෝමාරිකා මද මේස හැඳි දෙකක් එකතු කරන්න. පසුව ආලේප කිරීමට හැකිවන ආකාරයට රෝස වතුර දමා හොඳින් මිශ්‍ර කරගන්න. පසුව එම මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කර විනාඩි විස්සක් පමණ තබා ඇල් වතුරෙන් සෝදා හරින්න. සතියකට තුන් වතාවක් පමණ මෙම සත්කාරය සිදු කිරීම මගින් ඔබේ මුහුණ සුන්දර වී පැහැදිලි වෙනසක් දැක ගනීමට හැකියාව ලැබේ.

කඩල පිටි වල ඇති සින්ක් නමැති සංයෝගය නිසා ඔබගේ මුහුණේ කුරුලෑ ලප කැළැල් අඩුකර සම පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබේ. එසේම  සමේ පී.එච් අගය නියමාකාරව පවත්වා ගනිමින් මුහුණ පැහැපත් කරනු ලබයි. රෝස වතුර මගින් සමේ සෛල උත්තේජනය කර කුරුලෑ අඩු කර සමට සුසිනිදු පෙනුමක් ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කිරීමක් සිදුකරයි. 

දෙවන ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය -  
  • කෝමාරිකා 
  • ඇල් ජලය 
  • කොට්න් බටන්

තරමක් විශාල කෝමාරිකා පත්‍රයක් ගෙන එය හොඳින් සෝදා එහි කිරි නොගෑවෙන සේ මාංශල කොටස වෙන්කර ගන්න. පසුව කෝමාරිකා මදයට වතුර වීදුරුවක් පමණක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. කොටන් බටන් එකක් භාවිතා කර ඔබගේ මුහුණේ කුරුලෑ ලප කැළැල් සහ අඳුරු ස්ථානවල හොඳින් ආලේප කරන්න. විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර බලන්න. එවිට ඔබගේ මුහුණේ ඝන ස්ථරයක් සෑදී ඇති බව දැක ගැනීමට හැකියාව ලැබේ. පසුව ඇල් ජලයෙන් ඔබේ මුහුණ හොඳින් සෝදා ගන්න. දිනකට දෙවරක් පමණ මෙම සත්කාරය සිදු කිරීම මගින් ඔබගේ මුහුණ පැහැපත් බවක් ලබාගත හැකිය.   

තුන්වන ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය -  

  • කෝමාරිකා 
  • මීපැණි  
  • දෙහි හෝ ලෙමන්

කෝමාරිකා මේස හැඳි එකක් ගෙන එයට මී පැණි මේස හැඳි එකක් සහ ලෙමන් යුෂ මේස හැන්දක් ලෙස එක්  සමාන ප්‍රමාණයෙන් ගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එය මුහුණ පුරා ආලේප කර නිකටේ සිට උඩු අතට රවුම් ආකාරයෙන් විනාඩි පහක් හොඳින් සම්බාහනය කර විනාඩි 15ක් පමණ තබා ජලයෙන් සෝදා හරිනන. මෙය සතියකට දිව දෙවතාවක් සිදු කිරීම මගින් අදහගත නොහැකි ලෙස ඔබේ මුහුණ පැහැපත් වී තිබෙන බව දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මී පැණි සම මත ආලේපනය කිරීම මගින් සමට විශාල පෝෂණයක් ලබාදෙන  අතර මුහුනේ මැරුනු සම ඉවත් කර  දිදුලන දීප්තිමත් සමක් ලබාදීමට හේතුවේ පැණි වෙලා ඇති හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මුහුණේ කුරුලෑ හා ලප කැලැල් මත ක්‍රියා කිරීමෙන් ඇතිවෙන ස්වභාවික විරංජක ගුණයෙන් කුරුලෑ ලප අඩු කරන අතර දෙහි හා ලෙමන් වල අඩංගු සිට්‍රික් අම්ල මගින් සම ස්වභාවිකවම පිරිසිදු කරන අතර සමේ ආසාදනයන් ඉතාම ඉක්මනින් සුව කරනු ලබයි. 

සිව්වන වන ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය -  

  • කෝමාරිකා 
  • කහ හෝ කස්තුරි කහ

භාජනයක් ගෙන කෝමාරිකා මේස හැඳි එකකට කහ කුඩු මේස හැඳි  එකක් දමා හොඳින් මිශ්‍ර කරගන්න . ඉන්පසු එය මුහුණේ  කුරුලෑ සහ කැළැල් මත හොඳින් ආලේප කර මිනිත්තු දහයක් පමණ වේලෙන්නට හරින්න. පසුව අතේ ඇඟිලි වතුරෙන් තෙත් කර විනාඩි පහක පමණ කාලයක් හොඳින් මුහුණ උඩු අතට සම්භානය කරන්න. පසුව ඇල් ජලයෙන් මුහුණ සෝදා හරින්න. මෙම සත්කාරය දිනපතා සිදු කිරීම මඟින්  වඩාත් සාර්ථක ප්‍රතිඵල  ළඟා කර ගැනීමට හැකිවේ.

සත්කාරය සඳහා යොදා ගන්නා කහ කුරුලෑ වලට එරෙහිව සටන් කරන අතර කුරුලෑ නිසා ඇතිවෙන ඉදිමීම් සහ වේදනාව ද අඩු කරයි. එසේම සමේ මෙලනින් නිෂ්පාදනය පාලනය කර සම පැහැපත් කර සුසිනිදු පෙනුමක් ලබාදෙයි.

පස්වන ක්‍රමය

 අවශ්‍ය ද්‍රව්‍ය -  

  • කෝමාරිකා  
  • යෝගට්

කෝමාරිකා මේස හැඳි දෙකකට කෘතිම රස ගැන්වීම නොකල යෝගට් මේස හැඳි තුනක් පමණ එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව මිශ්‍රණය හොඳින් මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් සිදු කරන්න.

යෝගට් රසවත් අතුරුපසක් සේම කාන්තාවන් ලස්සන කිරීමට ද භාවිතා කරයි. එහි අඩංගු ලැක්ටික් අම්ලය මගින් සමේ ඇති සෛල මෝස්චරයිසින්  කරන අතරම  සමේ ඇති විෂබීජ වලට ප්‍රතිරෝධීතාවයක් ඇති කර මෙලනින් සංස්ලේෂණය පාලනය කිරීමට සමත් වේ.

හයවන ක්‍රමය

    අවශ්‍ය ද්‍රව්‍ය - 

  • ඔලිව් තෙල් 
  • කෝමාරිකා

පිරිසිදු ඔලිව් තෙල් මේස හැඳි දෙකක් භාජනයකට දමා ඊට කෝමාරිකා මද මේස හැඳි  දෙකක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. පසුව ඇඟිලි තුඩු මඟින් හොඳින් මුහුණ සම්බාහනය කරන්න. විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් මුහුණ සෝදා හරින්න. සෑම දිනකම රාත්‍රී කාලයේදී මෙම සත්කාරය සිදු කිරීම වඩාත් සුදුසු වන අතර එයින් ඔබගේ මුහුනේ කුරුලෑ ඉක්මනින් අඩු කර ගැනීමට හැකියාව ලැබේ.

ඔලිව් තෙල් යනු ඉතාම ප්‍රබල  ප්‍රතිඔක්සිකාරකයක් වෙයි. කුරුලෑ ඇතිවීමේ ක්‍රියාවලිය අඩපණ කරන අතර මුහුණේ තෙල් ගතිය අවම කර කුරුලෑ ලප කැලැල් අවදානම අඩු කිරීමට සමත් වේ.   

හත්වන ක්‍රමය


 අවශ්‍ය ද්‍රව්‍ය -  

  • කෝමාරිකා 
  • කෝන්ෆ්ලා 
  • ජෙලටින්

තරමක් ලොකු කෝමාරිකා කොළ දෙකක් ගෙන එහි ඇති මදය කිරි නොගෑවෙන සේ හොඳින් සූරා ගන්න. පසුව මද ටික බ්ලෙන්ඩර් කප් එකට දමා එයට වතුර ස්වල්පයක් ද දමා කෑලි නොසිටින සේ හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව රත් කළ හැකි භාජනයක් ගෙන එයට මිශ්‍රනය දමා මද ගින්නේ රත්කර ගන්න. මිශ්‍රණය රත් වී ගෙන එන විට එයට කෝන්ෆ්ලා ස්වල්පයක් සහ ජෙලටින් ස්වල්පයක් දමා කැටි ගැසීමට නොදී හොඳින් කලවම් කර ගන්න.  තබා ලිපෙන්  බාගන්න. පසුව වීදුරු බෝතලයක මිශ්‍රණය දමා එයට විටමින් ඊ කරල්  තුනක් දමා හොදින් මිශ්‍ර කරගන්න.  සෑම දිනකම  රාත්‍රියට නිදා ගැනීමටට පෙර මෙයින් ස්වල්පයක් ගෙන ඔබේ මුහුණ හොඳින් උඩු අතට සම්භාහනය කරන්න. පසුදා උදෑසන සෝදා හරින්න. මෙම මිශ්‍රණය  නිරතුරුව ශීතකරණයේ තබන්න අවශ්‍ය විට  පමණක් භාවිතයට ගන්න.

අටවන ක්‍රමය

 අවශ්‍ය ද්‍රව්‍ය -  

  • කෝමාරිකා 
  • ලෙමන් හෝ දෙහි යුෂ 
  • විටමින් ඊ කරල්

කෝමාරිකා කැබැල්ලක් ගෙන එය හොඳින් සෝදා මද ඉවත් කරගන්න පසුව එයට ලෙමන් හෝ දෙහි යුෂ  මේස හැඳි දෙකක් සහ විටමින් ඊ කරල් දෙකක එක් කර හොඳින් මිශ්‍ර කර මුහුණේ රවුම් ආකාරයට ආලේප කරන්න. පසුව විනාඩි දහයක් පමණ මුහුණ වේලෙන්නට හරින්න හැර ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සෑම දිනකම සිදු කිරීම ඉතාම සුදුසු වේ.  

නවවන ක්‍රමය

ක්ලෙන්සර් එකක් ලෙස 

කෝමාරිකා යුෂ සමඟ මීට පැණි මිශ්‍ර කරමින් ඔබගේ මුහුණේ ගල්වා ගන්න පසුව පුලුන් වලින් ඒවා සෙමෙන් ඉවත්කර කරගන්න ස්කබ් එකක් ලෙසද භාවිතා කළ හැකියි

ස්ක්‍රබ් එකක් ලෙස 

කෝමාරිකා මදය ගෙන හාල් පිටි මේස හැදි දෙකක් සහ  සීනි තේ හැන්දක් පමණ එක්කර හොඳින් මිශ්‍ර කරගන්න පසුව එය ඔබේ මුහුණේ මිනිත්තු එකක් දෙකක් පමණ හොඳින්  සම්බභාහනය කරන්න පසුව ජාලයෙන් හොදින් සෝදා පිරිසිදු කරගන්න. මෙම සත්කාරය සතියකට දෙතුන් වතාවක් පමණ සිදු කරන්න. 

ටෝනර් එකක් ලෙස 

කෝමාරිකා යුෂ ගෙන එයට රෝස වතුර මේස හැදි දෙකක් සහ ඛනිජ ජලය මේස හැඳි දෙකක් දමා කලවම් කරන්න. පසුව  හිස් ස්ප්‍රේ  බෝතලයකට දමා අවශ්‍ය වූ විට භාවිතා කරන්න. 


  •  ඉහත සඳහන් ක්‍රම කිහිපයම  අත්හදා බැලීම් තුළින් තුලින් ඉතාම ඉක්මනින් ඔබගේ සම පැහැපත් කර  ගැනීමට මෙන්ම සමේ මෙලනින් වර්ණ  නිපදවා කුරුලෑ සහ ලප කැලැල් වලින් තොර පෝෂණ ගුණයෙන් යුතු දීප්තිමත් මුහුණක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

Comments

Post a Comment

Popular posts from this blog

කෝපි වලින් ලස්සන වෙන රහස්....

නිවසේදීම පාද ලස්සන කරගමු...

නිරෝගී කෙස්කලඹකට කරපිංචා සත්කාර....