බීට් රූට් වලින් ලස්සන වෙමු..
බීට් ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙයි, අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි, පිළිකා වළක්වාලීමට උදව් කරයි, මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකරය, ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයට උදව් වේ. වර්තමානය වන විට බොහෝ රූපලාවණ්‍යය කටයුතු සඳහා යොදා ගන්නා අතර කාන්තාවන් ලස්සන වීමට රහස් ඖෂධයක් ලෙස මෙය භාවිතා කරයි.
සාදාගන්නා ආකාරය - හොඳින් පිරිසුදු කර ගත් රතු අල ගෙඩියක් ගෙන කුඩා කැබලි වලට කපා ගන්න. වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගන්න. පසුව අවශ්‍ය නම් දෙහි බිංදු කීපයක් දමාගන්න. පසුව අයිස් දමන බඳුනක් ගෙන ශීතකරණයේ ඝණ වෙන්නට හරින්න දෙන්න. පසුව ඔබගේ මුහුණේ වක්‍රාකාරව හොඳින් සම්බාහනය කරන්න.
බීට් රූට් ෆේෂල් පැක්
- බීට් රූට් අලයක්
- කඩල පිටි
- තක්කාලි
- ඕනෑම හාල් වර්ගයක බත්
සාදාගන්නා ආකාරය - හොඳින් පිරිසුදු කර ගත් බීට් අලයක් ගෙන එයින් භාගයක් හීනියට ග්‍රේට් කර ගන්න. පසුව බ්ලෙන්ඩර් කප් එකක් ගෙන එයට හොඳින් උයා ගත් බත් කෝප්ප එකක් හා ග්‍රේට් කරගත් බීට් ටික දමා එයට කඩල පිටි මේස හැඳි දෙකක් දමන්න. පසුව තක්කාලි ගෙඩියකින් භාගයක් ගෙන එය කුඩා කැබලි වලට කපා එක් කරන්න. ඉන්පසු වතුර ඉතාම ස්වල්පයක් දමා දියර බවින් අඩු මිශ්‍රණයක් වන සේ හොඳින් බ්ලෙන්ඩර් කර වෙනත් බඳුනකට දමාගන්න. පසුව ඔබේ මුහුණේ සහ ඇස් යට බ්‍රශ් එකක් ආධාරයෙන් හොඳින් ආලේප කරන්න .පසුව විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර ඇඟිලි තුඩු තෙත්කර හොඳින් මුහුණ වක්‍රාකාරව විනාඩි පහක් පමණ සම්භාහනය කිරීමෙන් පසු ඇල් ජලයෙන් සෝදා හරින්න.
මෙහි අඩංගු ස්වභාවික බ්ලීචින් කාරක අඩංගු වන නිසා කතා කරන ප්‍රථම අවස්ථාවේදීම සමට වර්ණවත් බවක් ලැබී ඇති බව දැක ගැනීමට හැකියාව ලැබෙන අතරම අව් රශ්මියට පිච්චුනු කැලැල් සහ බ්ලීචිං ආසාදන තිබේ නම් ඒවා සුව කිරීමද මෙම පැක් එකට හැකියාව ලැබේ.
බීට් රූට් බ්ලීචින් පැක්
අවශ්‍ය ද්‍රව්‍ය -
- සුදු බත්
- බීට් රූට් පවුඩර්
- කෝමාරිකා ජෙල්
- දෙහි යුශ
- රෝස වතුර
සාදාගන්නා ආකාරය - බ්ලෙන්ඩර් කප් එකක් ගෙන එයට බීට් පවුඩර් තේ හැඳි බාගයක් සහ සුදු බත් මේස හැඳි හතරක් එක් කරගන්න. පසුව කෝමාරිකා ජෙල් තේ හැඳි එකක් සහ දෙහි යුෂ තේ හැඳි එකක් ද රෝස වතුර අවශ්‍ය ප්‍රමාණයට යොදා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව මුහුණේ සහ ඇස් යට මෙම පැක් එක ආලේප කර පැය භාගයක් පමණ වෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හරින්න.
බීට් රූට් පානය
සාදාගන්නා ආකාරය - පිරිසිදු කෝප්පයක් ගෙන එයට බීට් රූට් පවුඩර් මේස හැන්දක් එකතු කර හෙට නටන උණුවතුර කෝප්පයක් දමා හොඳින් කලවම් කරගන්න පසුව අවශ්‍ය ප්‍රමාණයට සීනි දමා පානය කරන්න. නැතිනම් හොඳින් පිරිසිදු කර ගත් බීට්රූට් අලයක් ගෙන එය කුඩාවට ග්‍රේට් කරගන්න. පසුව බ්ලෙන්ඩර් කප් එකකට දමා ගන්න පසුව එයට වතුර කෝප්පයක් පමණ එක්තු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු දෙහි ගෙඩි භාගයක යුෂ හා මී පැණි තේ හැන්දක් පමණ දමා හොදින් මිශ්‍ර කර ගන්න අවශ්‍ය ප්‍රමාණයට සීනි දමා පානය කරන්න.
ලිප් බාම්
- බීට් රූට් ගෙඩියක්
- සුදු පොල්තෙල්
- වැස්ලින්
- විටමින් ඊ කරල්
සාදාගන්නා ආකාරය - පිරිසුදු කරගත් බීට්රූට් අලයක් ගෙන ඉතාම සිහින් ආකරයට ග්‍රේට් කරගන්න. පසුව පෙරණයක් ගෙන හොඳින් යුෂ ටික පමණක් පෙරා ගන්න. නැතිනම් වතුර නොදමා බ්ලෙන්ඩර් කර යුෂ ටික ලබාගන්න. පසුව රස්නෙට ඔරොත්තු දෙන කුඩා ප්‍රමාණයේ බඳුනකට දමා එයට සුදු පොල් තෙල් මේස හැන්දක් සහ වැස්ලීන් මේස හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරගන්න. ඉන්පසු විටමින් ඊ කරල් දෙකක් ගෙන එහි තෙල්ද එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය ඩබල් බොයිල් කිරීමට අවශ්‍ය වන නිසා ඇලුමිනියම් භාජනයක් ගෙන එයට නටන උණු වතුර කෝප්පයක් පමණ දමන්න. පසුව මිශ්‍රණය තිබෙන භාජනය එය තුලට ඇතුලට දමා හොදින් දියවනතුරු විනාඩි දෙකක් තුනක් පමණ කලවම් කරගන්න. පසුව හොඳින් පිරිසුදු කර ගත් ලිප් බාම් දමන බදුන් දෙකක් ගෙන එයට මිශ්‍රණය එක්කර පැය භාගයක් පමණ ශීතකරණයේ තබන්න. අවශ්‍ය අවස්ථාවට පමණක් භාවිතා කරන්න. එසේම සතියක් දෙකක් පමණ භාවිතා කිරීමට හැකි අතර අවශ්‍ය වූ විට නැවතත් සාදා ගන්න.
මෙය සතියක් පමණ නොකඩවා භාවිතා කරන්න. පසුව සතියට දවස් හතරක් පමණ භාවිතා කරන්න. මෙයින් ඔබගේ දෙතොල් ඉතා ඉක්මනින් රෝස පාට කර ගැනීමට හැකියාව ලැබෙන අතර කෘතිම වර්ණකාරක නොමැති නිසා හානිකර තත්වයන් ඇති නොවේ.
ලිප් සීරම්
අවශ්‍ය ද්‍රව්‍ය -
- බීට් රූට් ගෙඩියක්
- කෝන්ෆ්ලා
- විටමින් ඊ කරල්
සාදාගන්නා ආකාරය - පිරිසුදු කරගත් රතු අල ගෙඩියකින් භාගයක් ගෙන සිහින් ආකාරයට ග්‍රේට් කර ගන්න. පසුව බ්ලෙන්ඩර් කප් එකක් ගෙන එයට දමා වතුර කෝප්පයක් පමණ දමා බ්ලෙන්ඩර් කරගන්න. පසුව පෙරණයක් ආධාරයෙන් වෙනත් බඳුනකට යුෂ ටික පමණක් පෙරා ගන්න. ලිපේ තබා රත් කළ හැකි භාජනයක් ගෙන එයට රතු අල යුෂ ටික දමා ගන්න. පසුව වෙනත් භාජනයකට කෝන්ෆ්ලා මේස හැන්දක් සහ වතුර ස්වල්පයක් දමා හොඳින් හොදින් දිය කර ගන්න. රතු අල මිශ්‍රණය හොඳින් රත් වන විට දියකර ගත් කෝන්ෆ්ලා එයට දමා විනාඩි පහක් පමණ හොඳින් හැඳි ගාන්න. ස්වල්ප වේලාවකින් මිශ්‍රණයේ දියාරු බව අඩු වී ඝන ගතියට හැරුනු පසු ලිපෙන් ඉවත් කර නිවෙන්නට තබන්න. ලිප් සීරම් එක දැමිය හැකි බෝතලයක් ගෙන එයට දමා විටමින් ඊ කරලක තෙල් ද එයට දමා හොදින් මිශ්‍ර කර ගන්න.
එකෙන් බිංදු දෙකක් පමණ ගෙන ඇඟිලි තුඩු වලින් හොඳින් විනාඩියක් පමණ මසාජ් කරන්න සම්බාහනය කරන්න මෙලෙස මෙම සත්කාරය දිනකට උදේ සවස දෙවතාවක් බැගින් සතියක් භාවිතා කිරීම තුළින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙම සීරම් එක තුලින් ඔබගේ අඳුරු තොල් ඉක්මනින් රෝස පැහැයට හරවා ගැනීමට හැකියාව ලැබෙන අතර විටමින් ඉ එකතු කිරීම තුළින් ඔබගේ තොල් වල වියලි ගතිය අඩු කරනු ලබයි.
බීට් රූට් අයිස් කියුබ්
සෑම දිනකම රාත්‍රියට අයිස් කියුබ් එක බැගින් ගෙන ආලේප කිරීමෙන් ඔබේ මුහුණ පැහැපත් කර ඉක්මනින් කුරුලෑ අඩු කර ගැනීමට මෙම සත්කාරයෙන් හැකියාව ලැබේ.
- ඔබත් මෙම සත්කාරය සිදුකර බලන්න. බීට් රූට් වල පවතින ස්වභාවික ගුණයෙන් හේතුවෙන් ඔබගේ මුහුණ සහ සම ඉක්මනින් පැහැපත් කර වියළි බව ඉවත් කර තෙතමනය සහිත සමක් බවට පත් කිරීමටත් ඔබගේ තොල් පැහැපත් කර ගැනීමටත් හැකියාව ලැබේ.
Good job❤️
ReplyDelete