ඉක්මනින් සුදු වෙන සත්කාර ක්‍රම නවයක්....
කාන්තාවන් බොහෝ විට සම සුදු කර ගැනීමට විවිධ ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග භාවිතා කරනු ලබයි. නමුත් ඒවායින් ලැබෙන්නේ කෘතිම සමට ලැබෙන්නේ කෘතිම පාටක් වන අතර එහි වෙනස හොඳින් හඳුනා ගැනීමට හැකිවේ. එසේම එම නිෂ්පාදන භාවිතා කිරීම තුළින් සම පිළිස්සීම , කුරුලෑ හට ගැනීම්, බ්ලීචින් තුවාල, අතුරු ආබාධ ආදී අයහපත් ප්‍රතිඵල රැසක් බහුලව දැකගත හැකිවේ. පහසුවෙන් සොයාගත් හැකි ස්වභාවික අමුද්‍රව්‍ය ස්වභාවික බ්ලීචින් කාරක විවිධාකාරයෙන් භාවිතා කළ හැකියි. ඒවා සමට අහිතකර නොවන අතර ස්වභාවිකවම සම පැහැපත්කර ගැනීමට හැකියාව ලැබේ. දැන් අපි එවැනි සත්කාර කිහිපයක් බලමු.
කඩල පිටි සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -
- කඩල පිටි
- මී පැණි
- යෝගට්
- කස්තුරි කහ / වියළි කහ
- දෙහි
සාදාගන්නා ආකාරය - පිරිසිදු භාජනයක් ගෙන් එයට යෝගට් මීපැණි දෙකක් දමන්න. පසුව පුරවාගත් කඩල පිටි මේස හැඳි එකක් එකතු කරන්න කස්තුරි කහ හෝ වියළි කහ තේ හැඳි බභාගයක් සහ මී පැණි මේස හැන්දක් පමණ එකතු කරන්න. පසුව දෙහි මේස හැඳි එකක් පමණ එක්තු කර හොඳින් මිශ්‍ර කරගන්න. සාදාගත් එවිටම මෙය භාවිතා කිරීම ඉතාම සුදුසු වන අතර බ්ලීචීන් ආසාදන තත්වයන් ඇති ස්ථාන, කලු ලප සහ සුදු ලප ආදි තැන්වල වැඩියෙන් ආලේප කරන්න මුළු මුහුණම ගණ ආකාරයට ආලේප කර ඉතිරි වන්නේ නම් අත් සහ පාද වලට ආලේප කරන්න. පැය භාගයක පමණ කාලයක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. පසුව ටෝනර් එකක් භාවිතා කිරීමට අමතක නොකරන්න. නැතිනම් රෝස වතුර භාවිතා කරන්න.
සතියකට දවස් තුනක් බැගින් මාසයක් එක දිගට මෙම සත්කාර සිදු කර බලන්න ඔබට මේ වෙනස වැටහෙනු ඇත. සති දෙකක් පමණ යන විට ඔබගේ මුහුණ පැහැපත් වී සුදු වී සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව දැක ගැනීමට හැකියාව ලැබේ.
හාල් පිටි සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -
- ඕනෑම හාල් වර්ගයක්
- යෝගට්
- දෙහි
සාදාගන්නාා ආකාරය - පළමුව හාල් කෝප්පයක් පමණ ගෙන් පිටි වනතුරු හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව එයට යෝගට් මේස හැදි දෙකක් සහ දෙහි මේස හැන්දක් එක්කර ක්‍රීම් එකක් වන තුරු හොඳින් කලවම් කරන්න. පසුව ඔබගේ මුහුණ හොඳින් පිරිසුදු කර බ්‍රෂ් එකක් ආධාරයෙන් මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කරන්න. විනාඩි 5ක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හරින්න. මේ භාවිතාරතිඵල ලබා ගැනීමට හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ.
දොඩම් ලෙලි සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -
- තක්කාලි
- වේලාගත් දොඩම් ලෙලි
- බත්
දොඩම් ලෙලි හොඳින් වෙලා ගෙන කුඩු කර භාවිතා කරන්න. එසේම බත් සඳහා කැකුළු හාල් භාවිතා කිරීම යුතු අතර ඕනෑම හාල් වර්ගයක් භාවිත කිරීමට හැකිය
සාදාගන්නා ආකාරය - පළමුව බත් කෝප්පයක් පමණ ගෙන බ්ලෙන්ඩර් එකට දමන්න. පසුව එයට කුඩු කරගත් දොඩම් පොතු දමා මේස හැඳි දෙකක් පමණ දමා සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක් කුඩා කැබලි වලට කපා එක් කරන්න. හැකිනම් රෝස වතුර ද එක් කරන්න. රෝස වතුර අවශ්‍යම නොවන අතර සාමාන්‍ය ජලය ද යොදාගත හැකිය. පසුව සියල්ල හොඳින් පේස්ට් එකක් වන තුරු බ්ලෙන්ඩර් කරන්න. ඉන්පසු පෙරණයක් ගෙන හොඳින් යුෂ ටික පමණක් වෙනම භාජනයකට පෙරා ගන්න.
මුහුණ හොඳින් පිරිසුදු කර ඇඟිලිවලට මිශ්‍රණය ස්වල්පයක් ගෙන හොඳින් මුහුණේ සම්භානය කරන්න. විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න. මෙය ස්වභාවික බ්ලීචින් පැක් එකක් වන අතර දිනකට දෙවතාවක් පමණ භාවිතා කිරීම මගින් ඉක්මනින් ඔබගේ මුහුණ සුදු කර ගැනීමට හැකියාව ලැබේ.
මුල්තානි මිට්ටි සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -
- මුල්තානිමිට්ටි
- කෝමාරිකා ජෙල්
- රෝස වතුර
සාදාගන්නා ආකාරය - පිරිසිදු භාජනයක් ගෙන එයට මුල්තානිමිට්ටි මේස හැන්දක් පමණ යොදා කෝමාරිකා ජෙල් තේ හැඳි දෙකක් පමණ දමන්න. පසුව එයට රෝස වතුර තේ හැන්දක ප්‍රමාණයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. පසුව බ්‍රෂ් එකක් ආධාරයෙන් ඔබේ මුහුණ සහ බෙල්ල ප්‍රදේශය හොඳින් ආලේප කරන්න සම වියළි කෙනෙක් නම් රෝස වතුර වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් මේස හැන්දක් පමණ භාවිතා කරන්න. ආලේප කර විනාඩි 15 කින් පසු ඇල් ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවතාවක් පමණ සිදු කිරීමෙන් ඉක්මනින් ඔබ ගියේ මුහුණ සුදු පැහැයට හැරීම දක්නට ලැබේ.
තක්කාලි සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -
- තක්කාලි
- සීනි
- කස්තුරි කහ
- කඩල පිටි
සාදාගන්නා ආකාරය - පළමුව පිරිසිදු භාජනයක් ගෙන එයට බ්ලෙන්ඩර් කර ගන්නා ලද තක්කාලි ගෙඩියක යුෂ කතු කරගන්න පසුව එයට කස්තුරි කහ තේ හැදි භාගයක් සහ කඩල පිටි මේස හැන්දක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් තක්කාලි ගෙඩියකින් භාගයක් ගෙන් එයට සීනි තේ හැන්දක් පමණ දමා වක්‍රාකාරව හොඳින් මුහුණ සම්භාහනය කරන්න. පසුව විනාඩි 5 ක් පමණ ගිය පසු සාදාගත් මිශ්‍රණය ඇඟිලිතුඩු වලින් ගෙන මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සිදු කිරීම මගින් දින තුනකින් ඔබගේ මුහුණ සුදු පැහැයට හැරී ඇති බව දැක ගැනීමට හැකියාව ලැබේ.
අර්තාපල් සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -
- අර්තාපල්
- කස්තුරි කහ
- යෝගට්
සාදාගන්නා ආකාරය - හොදින් පොතු ඉවත්කර සෝදා ගත් අර්තාපල් අලයක් ගෙන් එය කුඩා කැබලි වලට කපා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව එහි යුෂ රෙදි කෑල්ලක් හෝ පෙරණයක් ආධාරයෙන් ලබා ගන්න. එම යුෂ වෙන්ත් බදුනකට දමා පසුව එයටම යෝගට් මේස හැදි තුනක් පමණ දමා කස්තුරි කහ මේස හැදි දෙකක් හෝ තුනක් පමණ දමන්න. සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කර ගත් පසු ඔබගේ මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කර විනාඩි 20ක් පමණ තබා හොඳින් සෝදා හරින්න. අර්තාපල් ඉතාමත්ම හොඳ ස්වභාවික බ්ලීචින් කාරකයක් වන අතර කස්තුරි කහ සමේ පැහැය වර්ණවත් කිරීමට උපකාරී වේ. එම නිසා ඔබගේ සම ඉක්මනින්ම පැහැපත් කර සුදු කර ගැනීමට හැකියාව ලැබේ.
සුදු හදුන් සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -
- සුදු හඳුන්
- මී පැණි
- රෝස වතුර
- කඩල පිටි
අලිගැටපේර සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -
- අලිගැටපේර ගෙඩියක්
- බිත්තරයක්
සාදාගන්නා ආකාරය - පළමුව හොඳින් පිරිසිදු කරගත් අලිගැට අලිගැටපේර ගෙඩියක් ගෙන එයින් භාගයක් කුඩා කැබලිවලට වලට කපාගන්න. පසුව බ්ලෙන්ඩර් කප් එකක් ගෙන එයට දමන්න . පසුව දමා බිත්තරයක් ගෙන එහි සුදු මදය පමණක් වෙන්කර එයටම දමා ගන්න පසුව හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු හොඳින් අත් සෝදාගෙන ඔබගේ මුහුණ ඇගිලි තුඩු වලින් මෙම ආලේපනය ගෙන සම්බාහනය කරන්න. විනාඩි 45ක් පමණ තිබෙන්නට හැර ආලේපය වියළුණු පසු හොඳින් සෝදා හරින්න.
මෙම සත්කාරය මගින් ඉතාමත් ඉක්මනින්ම ඔබගේ මුහුණ පැහැපත් කර ගැනීමට හැකියාව ලැබෙන අතර අව්වට පිලිස්සුනු සම නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමටත් තෙතමනය ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබේ.
කෝපි සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය -- කෝපි
- කෝමාරිකා
- සීනි
- මී පැණි
- දෙහි
සාදාගන්නා ආකාරය - පළමුව ස්ක්‍රබ් එක සාදා ගැනීම සඳහා පිරිසුදු බඳුනක් ගෙන එයට කෝපි කුඩු මේස දෙකක් සහ මීපැණි තේ හැන්දක් පමණ මේස හැන්දක් පමණ දමන්න. පසුව දෙහි යුෂ මේස හැන්දක් පමණ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. දෙවනුව පැක් එක සාදා ගැනීම සඳහා කෝපි කුඩු මේස හැඳි දෙකක් පමණ ගෙන එයට කෝමරික ජෙල් මේස හැන්දක් සහ සීනි මේස හැන්දක් එකතු කර හොඳින් කලවම් කරගන්න.
පළමුව පැක් එක මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සීත ජලය සෝදාහරින්න පසුව ස්ක්‍රබ් එක මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දෙවතාවක් පමණ සිදු කිරීම මඟින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර ඔබගේ මුහුණ ඉක්මනින් සුදු පැහැයට හැරෙන බව ඔබට දැක ගැනීමට හැකියාව ලැබේ.
ගොඩක් වැදගත් ලිපියක් 😍
ReplyDelete😍
ReplyDelete👍👍👍
ReplyDelete