ඉක්මනින් සුදු වෙන සත්කාර ක්‍රම නවයක්....
කාන්තාවන් බොහෝ විට සම සුදු කර ගැනීමට විවිධ ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග භාවිතා කරනු ලබයි. නමුත් ඒවායින් ලැබෙන්නේ කෘතිම සමට ලැබෙන්නේ කෘතිම පාටක් වන අතර එහි වෙනස හොඳින් හඳුනා ගැනීමට හැකිවේ. එසේම එම නිෂ්පාදන භාවිතා කිරීම තුළින් සම පිළිස්සීම , කුරුලෑ හට ගැනීම්, බ්ලීචින් තුවාල, අතුරු ආබාධ ආදී අයහපත් ප්‍රතිඵල රැසක් බහුලව දැකගත හැකිවේ. පහසුවෙන් සොයාගත් හැකි ස්වභාවික අමුද්‍රව්‍ය ස්වභාවික බ්ලීචින් කාරක විවිධාකාරයෙන් භාවිතා කළ හැකියි. ඒවා සමට අහිතකර නොවන අතර ස්වභාවිකවම සම පැහැපත්කර ගැනීමට හැකියාව ලැබේ. දැන් අපි එවැනි සත්කාර කිහිපයක් බලමු. කඩල පිටි සත්කාරය අවශ්‍ය ද්‍රව්‍ය - කඩල පිටි මී පැණි යෝගට් කස්තුරි කහ / වියළි කහ දෙහි සාදාගන්නා ආකාරය - පිරිසිදු භාජනයක් ගෙන් එයට යෝගට් මීපැණි දෙකක් දමන්න. පසුව පුරවාගත් කඩල පිටි මේස හැඳි එකක් එකතු කරන්න කස්තුරි කහ හෝ වියළි කහ තේ හැඳි බභාගයක් සහ මී පැණි මේස හැන්දක් පමණ එකතු කරන්න. පසුව දෙහි මේස හැඳි එකක් පමණ එක්තු කර හොඳින් මිශ්‍ර කරගන්න. සාදාගත් එවිටම මෙය භාවිතා කිරීම ඉතාම සුදුසු වන අතර බ්ලීචීන් ආසාදන තත්වයන් ඇති ස්ථාන, කලු ලප සහ සුදු ලප ආදි තැන්වල ව